Victoria government logo

2022 වික්ටෝරියානු ගංවතුර ප්‍රතිසාධනය (2022 Victorian Flood Recovery) - සිංහල (Sinhalese)

2022 වික්ටෝරියානු ගංවතුරින් විපතට පත් පුද්ගලයන්ට හා ප්‍රජාවන්ට ප්‍රතිසාධන ආධාර

ගංවතුර ප්‍රතිසාධන ක්ෂණික ඇමතුම් අංකය

පහත දැක්වෙන දේ සම්බන්ධයෙන් උදව් ලබා ගැනීමට 1800 560 760 ඔස්සේ ගංවතුර ප්‍රතිසාධන ක්ෂණික ඇමතුම් අංකය අමතන්න.

  • විවිධ වූ පිරිසිදු කිරීමේ සේවා
  • නැවතී සිටීමට තැනක් සොයා ගැනීම
  • මූල්‍ය, මානසික සෞඛ්‍ය හා වෙනත් උපකාර

භාෂණ පරිවර්තකයෙකු ලබා ගැනීමට 9 ඔබන්න.

1800 560 760 අමතන්න

පිරිසිදු කිරීමේ වැඩසටහන්

ගංවතුරින් බලපෑමට ලක් වූ සියලු දෙනා වෙනුවෙන් පිරිසිදු කිරීමේ වැඩසටහන් පවතියි. ගොඩනැගිල්ලක් රක්ෂණ කර ඇත්තේ දැයි යන්න එහි දී අදාළ නොවේ.

මෙම වැඩසටහනට පහත දැක්වෙන දේ ඇතුළත් වේ:

  • බලපෑමට ලක් වූ දේපල හා ව්‍යාපාර වෙනුවෙන් නොමිලේ ව්‍යුහමය ඇගයීම් සිදු කිරීම
  • මාර්ගවල ඇති කසල ඉවත් කිරීම

ව්‍යුහමය ඇගයීම

ගංවතුරින් දේපල හානි සිදු වී හෝ විනාශ වී ඇත්නම්, බලපෑමට ලක් වූ නේවාසිකයන්ට හෝ කුඩා ව්‍යාපාර හිමියන්ට ව්‍යුහමය ඇගයීම් සිදු කරවා ගැනීමට ලියාපදිංචි විය හැකිය. 

ඔබ ලියාපදිංචි වීමෙන් අනතුරුව, ඔබේ ලියාපදිංචි වීමේ ක්‍රියාමාර්ගය සිදු කිරීම සඳහා ඔබට Emergency Recovery Victoria වෙතින් ඇමතුමක් ලැබෙනු ඇත.

ව්‍යුහමය ඇගයීමක් සඳහා ලියාපදිංචි වන්න

මාර්ගවල ඇති සුන්බුන් ඉවත් කිරීම

මාර්ගය දෙපස ස්වභාවික පරිසර තීරුවෙන් ගංවතුර කසල එකතු කිරීම සම්බන්ධයෙන් අපි ප්‍රාදේශීය කවුන්සිලයන් සමග එක්ව කටයුතු කරන්නෙමු. ගංවතුර කසල ඉවත් කිරීම මගින් කසල නිසි ලෙස බැහැර කෙරෙන බව තහවුරු වනු ඇත.

වැඩිදුර විස්තර සඳහා ඔබේ ප්‍රාදේශීය කවුන්සිලයExternal Link වෙත යන්න.

ඉවත් කරන කසලවලට පහත දැක්වෙන දේ ඇතුළත් වේ:

  • කාපට්, ගෘහ විදුලි උපකරණ, හානියට පත් වූ සවිකරණ හා ගෘහ භාණ්ඩ, මෙන්ම අනෙක් ගෘහ භාණ්ඩ
  • ආහාර පිසින උපකරණ හා ව්‍යාපාරවලට අදාළ උපකරණ හා භාණ්ඩ
  • දියරවර්ග හා කසල ද්‍රව්‍ය (බෑග්, පෙට්ටි හෝ බහාලුම්වල දැමූ)
  • ආහාර හා කාබනික කසල (බහාලුම්වල දමා)

හැකි අවස්ථාවල දී, කරුණාකර මෙම අයිතමයන් තෝරා රැගෙන යාමට සූදානම් කර මාර්ගය දෙපස ස්වභාවික පරිසර තීරුවේ තබන්න.

ඉවත් නොකරන ලද කසලවලට පහත දැක්වෙන දේ ඇතුළත් වේ.

  • සත්ව මල සිරුරු
  • කාර්, බෝට්ටු හා කැරවෑන් සහ ලීටර් 2000කට වැඩි වැසි ජල ටැංකි.
  • උපද්‍රව සහිත බව දන්නා දේවල්

අපි කසල එක්රැස් කිරීම සඳහා නිවසට ඇතුළු නොවෙන්නෙමු. සියලු කසල බැහැර කිරීමේ කටයුතු Environmental Protection Agency (EPA) (පාරිසරික ආරක්ෂණ ආයතනය)External Link හා WorkSafeExternal Link අධීක්ෂණය යටතේ සිදු වේ.

තාවකාලික නවාතැන්

ගංවතුර නිසා සිය නිවෙස්වල රැඳී සිටිය නොහැකි පුද්ගලයන් වෙනුවෙන් තාවකාලික නවාතැන් ලබා දීම සිදු කළ හැකිය.

ඔබේ අවශ්‍යතාවලට උචිත ම තාවකාලික නවාතැන් සොයා ගැනීම සඳහා 1800 560 760 ඔස්සේ ගංවතුර ප්‍රතිසාධන ක්ෂණික ඇමතුම් අංකය අමතන්න.

තාවකාලික නවාතැන්: Rochester (රොචෙස්ටර්)

Rochester ප්‍රාදේශීකයන්ට Elmore (එල්මෝ) හි Events Centre (Elmore Fields Days site) 48 Rosaia Road, Burnewang VIC 3558 මගින් තාවකාලික නවාතැන් සහ උපකාර ලබා ගත හැකිය. මෙම ස්ථානයට විදුලි බලය හා මලාපවහන සම්බන්ධ කර ඇත. ලියංපදිංචිය අවශ්‍ය වේ. රොචෙස්ටර් හි තාවකාලික නවාතැන් අවශ්‍ය විය හැකි අයට හැකි පළමු අවස්ථාවේ දී ම, Rochester Recreation Reserve Room හි පිහිටා ඇති Rochester Community Hub වෙත ගොස් ලියාපදිංචි වීම අපි දිරිගන්වන්නෙමු. වැඩිදුර විස්තර සඳහා රොචෙස්ර් ප්‍රජාව සඳහා සහන යාවත්කාලීන කිරීම (Relief update for Rochester community) වෙත පිවිසෙන්න.

තාවකාලික නවාතැන්: Mickleham (මිකලම්)

සිය නිවෙස් වෙත ආපසු යා නොහැකි පුද්ගලයන් වෙනුවෙන් මිකලම් හි Centre for National Resilience මගින් හදිසි නවාතැන් පහසුකම් සපයනු ලැබේ. මෙම මධ්‍යස්ථානයෙන් වෙන්කරවා ගැනීම් සිදු කිරීමට 1800 560 760 ඔස්සේ ගංවතුර ප්‍රතිසාධන ක්ෂණික ඇමතුම් අංකය අමතන්න, නැත්නම් ඔබේ ප්‍රාදේශීය හදිසි සහන මධ්‍යස්ථානය වෙත යන්න. ඔබට ඍජුව ම Centre for National Resilience වෙත පැමිණීමට හැකියාවක් නැත.

මෙම මධ්‍යස්ථාන සුදුසු නොවන පුද්ගලයන් සඳහා හෝටල්, කැරවෑන් පාක් හා සේවා සැපයෙන අපාර්ට්මන්ට් ඇතුළු වෙනත් නවාතැන් පවතියි. ඔබ විසින් ගංවතුර ප්‍රතිසාධන ක්ෂණික ඇමතුම් අංකය අමතනු ලැබූ විට ඔබේ අවශ්‍යතා අනුව වඩාත් ම උචිත තාවකාලික නවාතැන් සමග ඔබව ගැලපීම සිදු කරනු ඇත.

වැඩිදුර විස්තර සඳහා Centre of National Resilience in Mickleham වෙත පිවිසෙන්න

තාවකාලික නවාතැන් : Greater Shepparton

2022 වික්ටෝරියානු ගංවතුර නිසා සැලකිය යුතු ලෙස බලපෑමට ලක් වූ Greater Shepparton හි නේවාසිකයන් වෙනුවෙන් කඩිනම් හා කෙටි කාලීන නිවාස ආධාර පවතියි. 132 Welsford Street, Shepparton හි ඇති ප්‍රජා ප්‍රතිසාධන මධ්‍යස්ථානයෙන් විමසීම් සිදු කිරීම හා ඔබේ උනන්දුව ලියාපදිංචි කිරීම කළ හැකිය. වැඩිදුර විස්තර සඳහා Greater Shepparton හි තාවකාලික නවාතැන් (Temporary accommodation in Greater Shepparton) වෙත පිවිසෙන්න.

උදව් ලබා ගන්න

මූල්‍ය ආධාර

2022 වික්ටෝරියානු ගංවතුරින් බලපෑමට ලක් වූ පුද්ගලයන් හා ව්‍යාපාර වෙනුවෙන් ගෙවීම්, ප්‍රතිපාදන හා මූල්‍ය උපකාර පවතියි.

ප්‍රජා සාමාජිකයන් වෙනුවෙන්

හදිසි සහන ගෙවීම

මෙම ගෙවීම ආහාර, රක්ෂාස්ථානයක් , ඇඳුම් පැළඳුම්, ඖෂධ හා නවාතැන් ඇතුළු ක්ෂණික සහන සඳහා වේ.
මෙතනින් අයදුම් කරන්න: හදිසි සහන උපකාර ගෙවීම - මාර්ගගත අයදුම් පත්‍රය.External Link නැත්නම් 1800 560 760 අමතා භාෂණ පරිවර්තකයෙකු සඳහා 9 ඔබන්න.

නැවත ස්ථාපනය වීම සඳහා වන උපකාර

ගංවතුර නිසා ඔබේ නිවසට හානි සිදු වී හෝ විනාශ වී ඇත් නම් එසේ නැතහොත් දින 7ක් යන තෙක් ඔබට නිවසට ඇතුළු වීමට නොහැකිව ඇත්නම්, ඔබ වෙනුවෙන් නැවත ස්ථාපනය වීමේ අධාර පවතියි.

1800 560 760 ඔස්සේ ගංවතුර ප්‍රතිසාධන ක්ෂණික ඇමතුම් අංකය ඇමතීමෙන් අයදුම් කළ හැකිය (භාෂණ පරිවර්තකයෙකු සඳහා 9 ඔබන්න).

ඔස්ට්‍රේලියානු රජයේ ආපදා ප්‍රතිසාධන දීමනාව

ගංවතුරෙහි ඍජු ප්‍රතිඵලයක් ලෙස ඔබේ ආදායම අහිමි වී ඇත්නම්, ඔබට දිගින් දිගට ම ලැබෙන ගෙවීමක් ලබා ගත හැකිය.

මෙතැනින් අයදුම් කරන්න: Victorian Floods, October 2022 – Disaster Recovery AllowanceExternal Link

ඔස්ට්‍රේලියානු රජයේ ආපදා ප්‍රතිසාධන දීමනාව

වික්ටෝරියානු ගංවතුරින් දැඩි ලෙස බලපෑමට පත්ව සිටින පුද්ගලයන් වෙනුවෙන් ගෙවීමක් පවතියි.

මෙතැනින් අයදුම් කරන්න: Victorian Floods, October 2022 – Australian Government Disaster Recovery PaymentExternal Link නැත්නම් 1800 560 760 අමතා භාෂණ පරිවර්තකයෙකු සඳහා 9 ඔබන්න.

සිසුන් සඳහා

වික්ටෝරියානු ගංවතුරෙන් බලපෑමට ලක් වූ වික්ටෝරියානු සිසුන්ගේ පවුල්වලට හෝ සිය පවුල්වලින් ඈත්ව වෙසෙන පාසල් සිසුන්ට උපකාර ලබා ගැනීම සඳහා ලියාපදිංචි විය හැකිය. මෙම උපකාරවලට, ගංවතුර නිසා නැති වූ හෝ හානි වූ අත්‍යවශ්‍ය පාසල් උපකරණ නැවත ලබා දීම (නිල ඇඳුම්, ලැප්ටොප්, අන්තර්ජාල ඩොන්ගල් හා ලිපි ද්‍රව්‍ය ආදී) ඇතුළත් වේ.

ලියාපදිංචි වීම සඳහා Flood Support Application Form for Victorian school studentsExternal Link වෙත යන්න, නැත්නම් 1800 560 760 අමතන්න. භාෂණ පරිවර්තකයෙකු සඳහා 9 ඔබන්න.

වැඩිදුර විස්තර සඳහා අපගේ මූල්‍ය උපකාර පිටුවට (Financial Support)External Link යන්න.

ගොවීන් හා ප්‍රාථමික නිෂ්පාදකයන් වෙනුවෙන්

(Primary Producer flood recovery) ප්‍රාථමික නිෂ්පාදකයක් වෙනුවෙන් වන ගංවතුර ප්‍රතිසාධන) මගින් ගංවතුරෙහි ඍජු ප්‍රතිඵලයක් ලෙස අහිමි වීම් හෝ හානි සිදු වී ඇති ප්‍රාථමික නිෂ්පාදකයන්ට පිරිසිදු කිරීමේ හා ප්‍රතිසාධන වියදම්වලට උපකාර ලබා දීම සිදු වේ.

වැඩිදුර විස්තර සඳහා Victorian Primary Producer Flood Recovery PackageExternal Link වෙත යන්න, නැත්නම් 1800 560 760 අමතන්න. භාෂණ පරිවර්තකයෙකු සඳහා 9 ඔබන්න.

ව්‍යාපාර හා ප්‍රජා ක්‍රීඩා

කුඩා ව්‍යාපාර ප්‍රතිපාදන

ගංවතුර නිසා දේපල, වත්කම් හා උපකරණ හානි වීම නිසා සුදුසුකම් සහිත සංවිධානවලට ඇති විය හැකි වියදම් ආවරණය කිරිමට ව්‍යාපාර හා ප්‍රජා ක්‍රීඩා ගංවතුර ප්‍රතිසාධන ප්‍රතිපාදන මගින් උපකාර සපයයි. වැඩිදුර විස්තර සඳහා Business and Community Sport Flood Recovery GrantsExternal Link වෙත පිවිසෙන්න.

යහපැවතුම් උපකාර

හදිසි අවස්ථාවල දී සිත් තැවුල් ඇති කරවන ප්‍රතිචාර අත්විඳිමට සිදු වීම සාමාන්‍ය වේ. ඔබ හා ඔබේ පවුලේ අය වෙනුවෙන් උපකාර පවතියි.

ඔබට ලබා ගත හැකි යහපැවතුම් උපකාර කිහිපයක් පහත දැක්වේ:

  • LifelineExternal Link වෙත යන්න – නැත්නම් අමතන්න 13 11 14 – දුරකථන, කෙටි පණිවුඩ හෝ මාර්ගගත චැට් ඔස්සේ සැපයෙන උග්‍රවස්ථා උපකාර 24/7 (දවසේ පැය 24) පුරා ලබාගත හැකිය
  • ParentlineExternal Link වෙත යන්න, නැත්නම් අමතන්න 13 22 89 – මාපියන් හා රැකවරණ සපයන්නන් වෙනුවෙන් වන උපකාර
  • Kids HelplineExternal Link වෙත යන්න – නැත්නම් අමතන්න – 1800 55 1800 – දරුවන්, පෙර යොවුන් විය දරුවන් හා යොවුන් වැඩිහිටියන් වෙනුවෙන් වන උපකාර
  • NURSE-ON-CALL – වෙත 1300 60 60 24 ඔස්සේ අමතන්න – විශේෂඥ සෞඛ්‍ය තොරතුරු හා උපදෙස් සඳහා
  • Australian Psychological Society Referral Service වෙත – 1800 333 497 ඔස්සේ අමතන්න.
  • Safe StepsExternal Link වෙත යන්න – නැත්නම් අමතන්න 1800 015 188 – 24/7 පුරා ම සැපයෙන ගෘහස්ථ හිංසනය සම්බන්ධයෙන් වන උපකාර
  • Orange DoorExternal Link – වෙත යන්න– ගෘහස්ථ හිංසනය අත්විඳින වැඩිහිටියන්, දරුවන්, යොවුන් පුද්ගලයන් වෙනුවෙන් වන උපකාර සැපයේ
  • Mental Health & Wellbeing Hubs වෙත යන්නExternal Link – නැත්නම් අමතන්න 1300 375 330 – මානසික සෞඛ්‍ය ගැන ඔබට ගැටලු ඇත්නම්, මුහුණට මුහුණ හෝ ටෙලිහෙල්ත් හමු වීමක් වෙන් කර ගන්න.

වැඩිදුර උපකාර සඳහා Mental health and wellbeing supportExternal Link වෙත යන්න

ඔබට භාෂණ පරිවර්තකයෙකු අවශ්‍ය නම් 131 450 ඔස්සේ TIS National අමතන්න.

වෙනත් උපකාර

පහත දැක්වෙන ලින්කු ඔස්සේ ඔබට වැඩිදුර උපකාර පිළිබඳ තොරතුරු ඉංග්‍රීසි භාෂාවෙන් ලබා ගත හැකිය:

ස්වේච්ඡාවෙන් කටයුතු කිරීම හා ප්‍රදානයන්

ස්වේච්ඡාවෙන් කටයුතු කිරීම

ඔස්ට්‍රේලියානු ආරක්ෂක හමුදා සහ (Disaster Relief AustraliaExternal Link ) ඔස්ට්‍රේලියානු ආපදා සහනExternal Link මගින් ද ගංවතුර ප්‍රතිසාධන උපකාර සපයයි.

ඔබේ ප්‍රජාව තුළ ස්වේච්ඡාවෙන් කටයුතු කිරීමට ඔබ කැමති නම් (Disaster Relief Australia) වෙබ් අඩවියExternal Link ඔස්සේ ලියාපදිංචි වන්න.

ප්‍රදානයන්

ගංවතුරින් බලපෑමට ලක් වූවන්ට උපකාර කිරීමට ඔබ කැමති නම්, not-for-profit donation service GIVITExternal Link සේවාව ඔස්සේ ඔබට ප්‍රදානයන් සිදු කළ හැකිය.

Reviewed 06 January 2023

Was this page helpful?