Victoria government logo

Victoria 2026 Commonwealth Games - (Sinhalese) සිංහල

ඉතා සුවිශේෂ ක්‍රීඩා උළෙලක්‌, ඉතා සුවිශේෂ ස්ථානයක දී

Victoria 2026

ඉතා සුවිශේෂ ක්‍රීඩා උළෙලක්‌, ඉතා සුවිශේෂ ස්ථානයක දී

Commonwealth Games (පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල) වික්ටෝරියාව වෙත ළගා වෙමින් තිබෙන අතර, ඉතා සුවිශේෂ ක්‍රීඩා උළෙලක් සඳහා වික්ටෝරියාවේ ප්‍රදේශවලට පැමිණෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ අමුත්තන් සාදරයෙන් පිළිගැනීමට අපි උද්‍යෝගයෙන් යුතුව බලා සිටින්නෙමු.

වික්ටෝරියාව පුරා සිටින පුද්ගලයින් සඳහා බහු-නගර ආකෘතියක් ලබා දීම සඳහා 2026 මාර්තු 17 සිට 29 දක්වා Geelong (ජිලෝන්), Bendigo (බෙන්ඩිගෝ), Ballarat (බැලරැට්) හා Gippsland (ගිප්ස්ලන්ඩ්) හි ප්‍රාදේශීය මධ්‍යස්ථාන හතරක Victoria 2026 පැවැත්වෙනු ඇත.

Victoria 2026 මඟින් අපේ ප්‍රාන්තයේ සහ ජනතාවගේ ශක්තීන් ප්‍රදර්ශනය කරනු ඇත. එමඟින් ප්‍රාදේශීය වික්ටෝරියාවෙන් ලොවට පිරිනැමීමට ඇති සෑම දෙයක්ම ප්‍රවර්ධනය කරනු ඇත - හොඳම ආහාර සහ වයින්, කැපී පෙනෙන කලාවන් හා සංස්කෘතිය, සහ විශ්මයජනක භූ දර්ශන.

ක්‍රීඩා උළෙල මඟින් වික්ටෝරියානුවන් හට තරඟ කාල සීමාවෙන් ඔබ්බට විහිදෙන කල්පවත්නා උරුමයක් ද ඉතිරිකර දෙනු ඇත. මෙයට ඊළඟ පරම්පරාවේ වික්ටෝරියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගැන්වීම සඳහා ප්‍රජාව තුළ හා දැරිය හැකි මිලකට ලබාගත හැකි නිවාස සඳහා ආයෝජනය සහ සහ ලෝක පුජිත ක්‍රීඩා පහසුකම් ඇතුළත් වේ.

නිතර අසන ප්‍රශ්ණ

පොදු කරුණු

  • ස්වේච්ඡා සේවය සඳහා අවස්ථා, ටිකට්පත් සහ සංස්කෘතික වැඩසටහන් වැනි ක්‍රීඩා උළෙල පිළිබඳ යාවත්කාලීන වීම සඳහා ඔබට ලියාපදිංචි විය හැකිය.

  • පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී පළමුවරට, Victoria 2026 නව බහු-නගර ආකෘතියක් හඳුන්වා දෙනු ඇත. මෙහිදී ගෝලීය ක්‍රීඩාව ප්‍රාදේශීය මධ්‍යස්ථාන හතරක්, එනම් Geelong, Bendigo, Ballarat සහ Gippsland වෙත ගෙන එනු ඇත.

  • ක්‍රීඩා උළෙල පිළිබඳ සියලුම නවතම පුවත් සමඟ යාවත්කාලීනව සිටින්න.

  • Victoria 2026 සඳහා කාලසටහන තවමත් නිකුත් කර නොමැත. නවතම තොරතුරු සමඟ යාවත්කාලීනව සිටීමට ලියාපදිංචි වන්න.

  • Ballarat, Bendigo, Geelong හා Gippsland ක්‍රීඩා උළෙල සඳහා සත්කාරක නගර හතර වනු ඇත. මෙම නගර හතරට අමතරව, අනෙකුත් ප්‍රාදේශීය නගරවලට සම්බන්ධ වීමට ඇති අවස්ථා ගැන අපි ගවේෂණය කරමින් සිටිමු.

  • ව්‍යාපාර සහ ප්‍රජා සංවිධාන - උනන්දුව ප්‍රකාශ කිරීමේ පෝරමය පුරවන්න. ක්‍රීඩා උළෙල සඳහා විශාල උනන්දුවක් ඇති බැවින්, කණ්ඩායමට ඔබ වෙත නැවත පැමිණීමට ව්‍යාපාරික දින 15ක් දක්වා කාලයක් ගත විය හැකිය.

  • Victoria 2026 පැවැත්වෙන්නේ 2026 මාර්තු 17 සිට 29 දක්වා දිනවලදී ය. පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2026 වසර සඳහා එහි සැලසුම්වලට ඇති කළ හැකි බලපෑම් පිළිබඳව හඳුනාගත් ප්‍රධාන සිදුවීම් සමඟ අපි දිගටම සහයෝගයෙන් කටයුතු කරන්නෙමු.

  • පාසල් සහ පාසල් ප්‍රජාවන් Victoria 2026 හි කොටස්කරුවන් වශයෙන් සම්බන්ධ කර ගැනීමේ සැලැස්මක් සකස් කිරීමට අපගේ කණ්ඩායම වෙහෙස මහන්සි වී වැඩ කරයි. අපගේ සමාජ මාධ්‍ය නාලිකා වෙතින් ලබා ගත හැකි යාවත්කාලීන කිරීම් වෙත පිවෙසීම සඳහා අපගේ වෙබ් අඩවිය දිගටම පරීක්ෂා කරන්න.

රැකියා

  • ඔබේ උනන්දුව ගැන ස්තූතියි. ක්‍රීඩා උළෙල සඳහා සූදානම් වීම සිදු වන විට, ලබා ගත හැකි රැකියා ප්‍රසිද්ධියට පත් කරනු ලැබේ. රැකියා දැන්වීම් සමඟ යාවත්කාලීනව වීමට ලියාපදිංචි වන්න.

ස්වේච්ඡා සේවාව

  • එය ඇසීමට ලබීම ඉතා විශිෂ්ටයි! ස්වේච්ඡා සේවයට ඇති අවස්ථා ඇතුළුව, ක්‍රීඩා උළෙල පිළිබඳ යාවත්කාලීන වීම සඳහා ලියාපදිංචි වන්න.

ප්‍රවේශ පත්‍ර

  • ප්‍රවේශපත්‍ර විකිණීමට ආරම්භ කර නැති නමුත්, ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ තොරතුරු ඇතුළුව ක්‍රීඩා පිළිබඳ යාවත්කාලීන වීම සඳහා ඔබට ලියාපදිංචි විය හැක.

මාධ්‍ය

  • අප සමඟ සම්බන්ධ වීම ගැන ස්තූතියි. commonwealthgames@sport.vic.gov.au ඔස්සේ අපගේ කණ්ඩායම අමතන්න. එවිට ඔබේ විමසුම සම්බන්ධව උදවු කිරීමට ඔවුන්ට හැකි වනු ඇත. කරුණාකර ඔබේ නම, සංවිධානය, මාධ්‍යය (රූපවාහිනී, ගුවන්විදුලිය, පොඩ්කාස්ට්, වීඩියෝ, මාර්ගගත යනාදිය) සහ ඔබේ අවසාන කාල සීමාව ඇතුළත් කරන්න.

ක්‍රීඩා

  • ක්‍රීඩා උළෙලට කවර ක්‍රීඩාවන් ඇතුළත් කර ඇත්දැයි දැන ගැනීමට Visit the Sports page වෙත පිවිසෙන්න. වැඩසටහනට තවත් ක්‍රීඩා ඇතුළත් කළ හැකිය.

  • ක්‍රීඩා උළෙල දැන් ප්‍රකාශයට පත් කර ඇති බැවින්, වැඩසටහනට අමතර ක්‍රීඩා එක් කිරීමට ඇති අවස්ථා අපි ගවේෂණය කරමින් සිටිමු. අපි මේ වසර අවසානයේදී ක්‍රීඩා වැඩසටහන සමථයකට පත් කරන්නෙමු.

Queen's Baton Relay (මහ රැජිනගේ යෂ්ටිය රැගත් කඩින් කඩ දිවුම)

  • Queen's Baton Relay යනු පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්ප්‍රදායකි. එය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ අවරෝහණ ගණන් කිරීම ලෙස ක්‍රියා කරමින්, පොදුරාජ්‍ය මණ්ඩලය පුරා සිටින ප්‍රජාවන් සැමරීම, සුහදව පිළි ගැනීම සහ සම්බන්ධ වීම සිදු කරයි. එය ලොව පුරා විචිත්‍රවත් ගමනක් වන අතර, මෙම යෂ්ටිය අප්‍රිකාව, ඇමරිකාව, කැරිබියන්, යුරෝපය, ආසියාව සහ ඕසියානාව ඔස්සේ ප්‍රවේශ වෙමින් පොදුරාජ්‍ය මණ්ඩලයේ සියලුම ජාතීන් සහ ප්‍රදේශ 72කෙහි සංචාරය කරයි. යෂ්ටියෙහි මහ රැජින විසින් පොදුරාජ්‍ය මණ්ඩලය සහ එහි ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත යොමු කෙරෙන පණිවිඩයක් ගැබ්ව ඇත.

Reviewed 26 October 2022

Was this page helpful?