Victoria government logo

දරුවන්ට වැඩිපුර චලන කිරීම් අවශ්‍ය වන්නේ කුමක් නිසාද (Why kids need to get their move on) - සිංහල (Sinhalese)

සෞඛ්‍ය සම්පන්න පුරුදු වර්ධනය සඳහා දරුවන්ට සහ යෞවනයන්ට වැඩිපුර චලන අවශ්‍යවේ. ළමයින් සහ යෞවනයන් දිනකට කොපමණ ක්‍රියාකාරකම් කළ යුතුද යන්න සහ මෙයින් ලැබෙන වාසි පිළිබද දැන ගන්න කියවන්න.

දරුවන්ට වැඩිපුර චලන කිරීම් අවශ්‍ය වන්නේ කුමක් නිසාද

වයස අවුරුදු 5-12 අතර ළමුන් සහ වයස අවුරුදු 13-17 අතර තරුණයින් සදහා දිනකට මිනිත්තු 60 ක ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදීම නිර්දේශ කොට ඇත. මෙය පහසු කිරීම සදහා දිනකට 4 වතාවක් විනාඩි 15 බැගින් කොටස් වලට බෙදා ගැනීම අප නිර්දේශ කරමු.

ඔබේ ශරීරය චලනය කරන, ඔබව වේගයෙන් හුස්ම ගන්වන සහ ඔබේ හෘද ස්පන්දන වේගය වැඩි කරන ඕනෑම දෙයක් භෞතික ක්‍රියාකාරකම් වේ. භෞතික ක්‍රියාකාරකම් දරුවන්ව සතුටින් තබන අතර ඔවුන්ට ජීවිත කාලය පුරාම සෞඛ්‍ය සම්පන්න පුරුදු වර්ධනය කිරීමට උපකාර කරයි.

දිනපතා චලන වල යෙදීමෙහි බොහෝ ප්‍රතිලාභ ඇත. එනම්:

  • වැඩි දියුණු වන ලද සමස්ත සෞඛ්‍යය
  • ශක්තිය වැඩි කරයි
  • දුර්වල සෞඛ්‍යය සහ ලෙඩ රෝග සහ සෞඛ්‍ය සම්පන්න නොවන ලෙස බර වැඩිවීමේ අවධානම අඩුවීම.
  • හොද රුධිර පීඩනය, කොලෙස්ටරෝල් සහ රුධිර සීනි මට්ටම
  • මිතුරන් හා පවුලේ අය සමඟ විනෝද වීම
  • සමාජ විරෝධී හැසිරීම් අඩු වීම
  • සහයෝගීතාවය සහ කණ්ඩායම් කුසලතා වැඩි වීම
  • වඩා හොඳ ආත්ම අභිමානය සහ විශ්වාසයක් ඇති වීම
  • කාංසාව සහ ආතතිය අඩු වීම.
  • වඩා හොඳ අවධානය.
  • සෞඛ්‍යය සම්පන්න වර්ධනය හා සංවර්ධනය
  • ශක්තිමත් මාංශ පේශී සහ අස්ථි
  • වැඩි දියුණු වන ලද යෝග්‍යතාවය, සම්බන්ධීකරණය සහ චලනය

දිනකට 4 වතාවක්, මිනිත්තු 15 ක්

අපි දිනකට විනාඩි 15 බැගින් හතර වතාවක් ශාරීරික ක්‍රියාකාරකම් නිර්දේශ කරමු.

මෙම ක්‍රියාකාරකම්වලට ඇතුළත් විය හැකි දේවල් වන්නේ:

  • පාසැලට හෝ ඔබේ අසල්වැසි ප්‍රදේශය වටා ඇවිදීම හෝ පැදගෙන යාම
  • සුනඛයා සමග ඇවිදවිම
  • මිතුරන් සමඟ උද්‍යානයට යාම
  • පාපන්දු
  • ස්කේට්බෝඩිං
  • ගෙවත්තේ සෙල්ලම් කිරීම
  • ටෙනිස්
  • පිහිනිම
  • නර්තනය
  • දිවීම හෝ ජොගින් කිරීම
  • බාස්කට්බෝල්
  • කඳු නැගීම
  • යෝගා
  • බරඉසිලීම
  • දැල්පන්දු

Reviewed 07 December 2022

Education

Was this page helpful?