ඔබේ දරුවාගේ උපාංග කට්ටලය ගැන
ළමයින් සඳහා, ක්‍රීඩාව හා ඉගෙනීම එක්ව සිදුවේ. ළමුන් ඔවුන් ගැන හා ඔවුන් වටා ඇති ලෝකය පිළිඹඳ ඉගෙනගන්නේ ක්‍රීඩාව හරහායි. දෙමාපියන් හා පවුලේ අය එම ක්‍රියාවලියේ විශාල කොටසක් දරයි. ළමයාගේ උපාංග කට්ටලයේ ඇති සියල්ලම නිර්මාණය කර ඇත්තේ පවුලක් ලෙස එය බෙදාගෙන සතුටු වීමටයි.
පෙරපාසලේදී, ඔබේ දරුවාට ඉගෙනුම් සහ සංවර්ධන ප්‍රතිඵල පහක් හරහා වර්ධනය වීමට සහ දියුණු වීමට උපකාර වන ඉගෙනුම් අත්දැකීම් නිර්මාණය කිරීම සඳහා වික්ටෝරියානු මුල් අවුරුදු ඉගෙනුම් සහ සංවර්ධන රාමුව (VEYLDF) භාවිතා කරනු ලැබේ. එම ප්‍රතිඵල පහ වන්නේ:
- අනන්‍යතාවය
- සමාජය
- යහ පැවැත්ම
- ඉගෙනීම
- සන්නිවේදනය
කතන්දර කැට
කතන්දර පැවසීම ඔවුන්ගේ දෛනික අත්දැකීම් ගැන තේරුම් ගැනීමට විශාල කාර්යයක් සිදුකරයි. එයින් භාෂා කුසලතාව වැඩිවන අතර ඔවුන් වටා සිටිනා අය සමඟ සන්නිවේදනය කරනා ආකාරය තේරුම් ගැනීමට උපකාරයක් වේ.
ඔබට කැට භාවිතයෙන් ඔබේ දරුවාට ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවකින් නව වචන ඉගෙනීමට උදව් කළහැක.
- අවස්ථා මාරුවීම, රූප නම් කිරීම
- ඒවා සමඟ ගොඩනැගීම
- කතන්දර කීම
- ප්‍රශ්න ඇසීම
ක්‍රෙයොන්ස් සහ චිත්‍ර පෑඩ්
ක්‍රෙයොන්ස් මඟින් ඇඳීම ඉගෙන ගැනීමට බොහෝ ක්‍රම සපයයි:
- පැන්සල් ග්‍රහණය වැනි සියුම් චාලක කුසලතා වැඩි දියුණු කිරීම
- අත්-ඇස් එකිනෙක සම්බන්ධීකරණය
- පාට හා හැඩ ගැන ඉගෙනීම
- කඩදාසි සහ අනෙකුත් දව්‍ය මඟින් නිර්මාණශීලීත්වය ප්‍රකාශ කිරීම.
වැදගත්ම දෙය නම්, ඔබේ දරුවා ආරක්ෂිතව සහ විශ්වාසයෙන් යුතුව අදහස් ප්‍රකාශ කිරීමට ඉගෙන ගනු ඇත. සමහර දරුවන් ඔබට හඳුනාගත නොහැකි රූප ඇඳීමට ඉඩ ඇති අතර මෙය ගැටලුවක් නොවේ. මෙය ඇඳීමට ඉගෙනීමේ සාමාන්‍ය ක්‍රමයයි.
- අදහස් ඉදිරිපත් කිරීමට චිත්‍ර පෑඩ් භාවිතා කරන්න
- පවුලේ චිත්‍ර ඇඳීමේ අත්දැකීම් දිරිමත් කරන්න
- ඔබ අඳින අතරතුර කතා කරන්න
- වර්ණ හා හැඩ නම්කරන්න
බීජ
දරුවන් සමඟ බීජ රෝපණය කිරීම ස්වභාවික ලෝකයේ ආශ්චර්යය දැකීමට ඉඩ සලසන පොහොසත්, විද්‍යාව පදනම් කරගත් ඉගෙනුම් අත්දැකීමකි. ඔවුන් ස්වභාව ධර්මය ගැන, භාෂාව ගොඩනඟා සරල උපදෙස් අනුගමනය කිරීමට ඉගෙන ගනු ඇත. ඔවුන් කාලයත් සමඟ නිරීක්ෂණය කිරීමට ඉගෙනගනු ඇත.
- පැලෑටි හා ඒවා නම් කිරීම ගැන කතාකරන්න
- ඒවා එක්ව සිටුවන්න
- ඒවාගේ වර්ධනය සෑම දිනකම උදෑසන බලන්න
- වෙළඳපොළේ ඇති පළතුරු හා එළවලු නම් කරන්න
සතුන් ඇමිණීම
මුල් ළමාවිය යනු අත්වල, ඇඟිලිවල, මැණික් කටුවෙහි, පාදවල සහ ඇඟිලිවල ඇති එම කුඩා මාංශපේශීන් කෙරෙහි දරුවන් වැඩි පාලනයක් ලබා ගැනීමට පටන්ගන්නා කාලයයි. අත්වල සහ ඇඟිලිවල සියුම් චාලක මාංශ පේශි වර්ධනය කිරීම දරුවන්ගේ ස්වයං රැකවරණය සඳහා සහ පසුකාලීනව ලිවීම සඳහා වැදගත් වේ. සෙල්ලම් පිටි, ක්‍රෙයොන්ස් හෝ මැහුම් සතුන් භාවිතා කිරීමෙන් ඔබේ දරුවාට ඔවුන්ගේ හොඳ චාලක කුසලතා වර්ධනය කර ගත හැකිය. චාලක කුසලතා හුරුවිය හැකි තවත් ක්‍රම කිහිපයක්:
- සත්වයාගේ සිදුරු තුළින් නූල ගෙනියන්න
- දරුවාගේ උපාංග කට්ටලය විවෘත කිරීම හා වැසීම
- සිප් දැමීම හෝ බොත්තම් දැමීම හුරුකිරීම
- සෙල්ලම් මැටි අත් හා ඇඟිලිවලින් රෝල් කිරීම
සෙල්ලම් මැටි
ඔබේ දරුවා නිර්මාණ සඳහා මැටි භාවිතා කරනවිට, ඔවුන් විවිධ වැදගත් දේවල් සිදුකරයි:
- සියුම් චාලක කුසලතා වර්ධනය කර ගනී
- ගවේෂණය කිරීමට තමන්ගේ ඉන්ද්‍රියයන් භාවිතා කරයි
- තමන්ගේ පරිකල්පනය භාවිතා කරයි.
සෙල්ලම් මැටි මඟින් නිර්මාණය කිරීම ඔබේ දරුවාට ඉගෙනීමේ වැදගත් කොටසකි.
- බෝලයක් හදන්න, ගහන්න, ඒක තදකරන්න, මිරිකන්න
- ඒ ගැන කතාකරන්න
- වෙනත් කෝටුකෑළි හෝ පිහාඩු හෝ කටු වගේ දේවල් එකතු කරන්න
- ඔබට හොයාගන්න පුළුවන් ඕනෑම දේකින් රටා හදන්න
ළමා පොත්
එකට පොත් කියවීම පවුලක් ලෙස බැඳීම සහ කාලය ගත කිරීම සඳහා කදිම මාර්ගයකි. එය සාක්ෂරතා සංවර්ධනයට සහාය වීම සඳහා වැදගත්ම මාර්ගයකි. ඔබේ දරුවා සමඟ නිතිපතා කතන්දර-කාලයක් බෙදාගැනීම ඔවුන්ගේ පරිකල්පනය සහ වචන මාලාව වැඩිදියුණු කරනු ඇත.
- එක්ව පොතක් තෝරගන්න
- කියවීමට පහසුතැනක් සොයාගන්න
- ඔවුන්ට කොළ පෙරලන්නදෙන්න
- වෙනස් චරිතවලට වෙනම හඬභාවිතා කරන්න, පින්තූර ගැන කතාකරන්න
සංගීත භාණ්ඩ
ළමයාගේ වර්ධනයට හා ඉගෙනුමට සංගීතයෙන් විශාල වාසියක් සිදුවේ. සංගීතය නිර්මාණය කිරීම ඔබේ දරුවාට නව වචන ඉගෙන ගැනීමට, පවුලේ අය සමඟ එක්ව ගීත ගායනා කිරීමට සහ තමන් ගැන හොඳ හැඟීමක් ඇති කිරීමට විනෝදජනක මාර්ගයකි. නැටීම, ගායනය, චලනය, පැනීම සහ කැස්ටනට් ක්ලික් කිරීම විනෝදයේ කොටසකි.
ඔබේ දරුවා සමඟ සංගීතය රස විඳීමට අදහස් කිහිපයක්:
- ඔබේ ප්‍රියතම ගීතයට නටන්න සහ සොලවන්න
- ඉලක්කම් ඉගැන්වීමට බීට් ගණන් කරන්න
- කෙටි රිද්ම ගීත පුහුණු කරන්න
- වචනවල අක්ෂර ගණන් කිරීමට කැස්ටනට් භාවිතා කරන්න
ක්‍රියාකාරකම් කට්ටල පෙට්ටිය
ක්‍රියාකාරකම් කට්ටල පෙට්ටිය පොත් සහ සෙල්ලම් බඩු රැගෙන යාමේ පෙට්ටියකට වඩා වැඩි ය - එය බොහෝ ආකාරවලින් ඉගෙනීමට සහ සංවර්ධනයට සහාය වීමට භාවිතා කළ හැකිය. වයිට්බෝඩ් මතුපිට චුම්බක ක්‍රීඩාවලට, සෙල්ලම් මැටි සහ ඇඳීම සඳහා විශිෂ්ටයි. කට්ටලය පහසුවකට නමන්න. මනඃකල්පිත ක්‍රීඩාව සඳහා කොළ පැහැ මතුපිට භාවිතා කළ හැකි වන පරිදි කට්ටලය සමතලා කරන්න. එය සාගර දර්ශනයක් හෝ නගර වීදියක් විය හැකිය. ඔබ පෙර පාසල වෙත ගමන් කරන ආකාරය නැවත සාදන්න. ක්‍රියාකාරකම් කට්ටල පෙට්ටිය භාවිතා කළහැකි වෙනත් ක්‍රම:
- අලුත් ලෝක අඳින්න
- සෙල්ලම් මැටිසෙල්ලම් කරන තැන
- පොත් හා සෙල්ලම්බඩුරැගෙන යන පෙට්ටියක්
- රඟපෑම් උපකරණයක්
ක්‍රියාකාරකම් කට්ටල පෙට්ටිය පරිසර හිතකාමී නිෂ්පාදනයක් ලෙස නිර්මාණය කර ඇත. එය හැකිතාක් ප්‍රතිචක්‍රීකරණය කරන ලද ද්‍රව්‍යවලින් සාදා ඇති අතර ඔබේ දරුවාගේ ළදරු පාසලේ සිහිවටන ගබඩා කිරීම සඳහා සිහිවටනයක් ලෙස ප්‍රතිනිර්මාණය කිරීමට සැලසුම් කර ඇත.
සමාජය ගොඩනැගීම
වික්ටෝරියා යනු විවිධ සංස්කෘතීන් සහ විවිධ කතා කරන භාෂාවලට නිවහනක් වන විවිධත්වයක් සහිත ප්‍රජාවකි. විවිධත්වය යනු අප කවුරුන්ද යන්නෙහි විශාල කොටසකි. කට්ටලයේ ඇති අයිතම විවිධ ප්‍රජාවන් පිළිබඳ සංවාදවලට සහාය දක්වයි.
- ළමයින් සඳහා, ක්‍රීඩාව හා ඉගෙනීම එක්ව සිදුවේ. සෙල්ලම් කිරීම යනු ළමයින් තමන් ගැන සොයා ගන්නා සහ ඉගෙන ගන්නා ආකාරයයි.
- වෙනත් සංස්කෘතීන්ගෙන් හෝ ඔබේම ආහාර සෑදීමට මවාපෑමට සෙල්ලම් මැටි භාවිතා කරන්න
- වෙනත් සංස්කෘතීන්ගෙන් හෝ ඔබේම සම්ප්‍රදායික සංගීතයට සවන් දෙන අතරතුර කැස්ටනට් ක්ලික් කරන්න
- වෙනත් රටවල් සහ ඔවුන්ගේ දේශීය සතුන් ගැන ඔබේ දරුවා සමඟ කතා කරන්න
ඔස්ලන් පොත්
2023 පෙර පාසල් කට්ටලයෙහි ඇතුළත් සියලුම පොත් වල ඔස්ලන් පරිවර්තන තිබේ. ඔස්ලන් සහ උපසිරැසි ද වීඩියෝ වල අඩංගු ය.
ඔස්ලන් යනු ඕස්ට්‍රේලියානු බිහිරි ප්‍රජාවේ බහුතරයක් භාවිතා කරන සංඥා භාෂාව වන අතර සමහර අවුරුදු හතරෙ පෙර පාසල්වල ලබා ගත හැකි වික්ටෝරියා හි මුල් ළමාවිය භාෂා වැඩසටහනේ කොටසකි.
අධ්‍යාපන ප්‍රවීණයන් විසින් කුඩා කාලයේදීම වෙනත් භාෂාවකින් ඉගෙනීම දරුවන්ට මේවාත් ඇතුළුව බොහෝ ප්‍රයෝජන ඇතිබව සොයාගෙන ඇත:
- පෙර කියවීමේ සහ පෙර ලිවීමේ කුසලතා වැඩිවීම
- සංජානන නම්‍යශීලීභාවය
- ආත්ම අභිමානය සහ යහපැවැත්ම ශක්තිමත් කිරීම
- සංස්කෘතික අනන්‍යතාවය ශක්තිමත් වීම.
අනන්‍යතාවයට ගරු කිරීම
අපගේ පළමු ජාතීන්ගේ ජනයාගේ සංස්කෘතීන් ඕස්ට්‍රේලියාවේ ඉතිහාසයේ වැදගත් කොටසකි. සියලුම සංස්කෘතීන් ගැන ඉගෙන ගැනීමට සියලුම දරුවන් දිරිමත් කිරීම අවබෝධය, පිළිගැනීම සහ අභිමානය ගොඩනඟයි. කට්ටලවල අපගේ පළමු ජාතීන්ගේ කතුවරුන් සහ නිෂ්පාදකයින් සැමරීම ගැන අපි ආඩම්බර වෙමු. නිදසුනක් වශයෙන්, කතන්දර පොත්වල, ආදිවාසී කතන්දර කීමේ විචිත්‍රවත් සම්ප්‍රදාය නිරූපණය කරයි. ඔබේ දරුවාට පළමු ජාතීන්ගේ සම්ප්‍රදායන් සහ සංස්කෘතීන් ගැන වැඩි විස්තර දැනගැනීමට උපකාර වන ක්‍රියාකාරකම් කිහිපයක්:
- සතුන් හෝ වස්තූන් සඳහා ආදිවාසී සංකේත ඉගෙන ගන්න
- ආදිවාසී නායකයන් හෝ ක්‍රීඩා වීරයන් ගැන කතා කරන්න
- පළමු ජාතීන්ගේ සංස්කෘතීන් සහ ජනයා ගැන තව දැනගන්න
යහපැවැත්ම සහ අමතර සහාය
සියලුම දරුවන් වෙනස් ආකාරයකින් සහ තමන්ගේම වේගයකින් ඉගෙන ගනී. ළදරු උපකරණ කට්ටලය මඟින් ඔබේ දරුවාට සියලු හැකියාවන්ට අභියෝග කිරීමට විවිධ ආකාරවලින් භාවිතා කළ හැකි පොත් සහ සෙල්ලම් බඩු ලබාදේ. නමුත් සමහර අවස්ථාවලදී ඔබේ දරුවාගේ ඉගෙනීම සඳහා අමතර සහායක් අවශ්‍ය වේ. ඔබට හෝ ඔබේ දරුවාට අමතර සහායක් අවශ්‍ය විය හැකි යැයි ඔබ සිතන්නේ නම්, ඔබට එය කළ හැකි ක්‍රම කිහිපයක් තිබේ:
- වික්ටෝරියා හි බාලාංශ ගුරුවරුන්ට උපකාර කිරීමට කුසලතා සහ දැනුම ඇත. ඔබේ දරුවාගේ ගුරුවරයාට ඔබේ ගැටලු ගැන කතාකරන්න.
- ඔබේ ප්‍රශ්න සාකච්ඡා කිරීමට ඔබේ වෛද්‍යවරයා හෝ මාතෘ හා ළමා සෞඛ්‍ය හෙදිය හමුවීමට වේලාවක් වෙන් කර ගන්න
- නොමිලේ, රහසිගත උපදේශනය සහ සහාය සඳහා 13 2289 ඔස්සේ Parentline අමතන්න
කින්ඩර් කිට් (ළදරු පාසල් කට්ටල) ආරක්ෂිත සහ ඇතුලත්කරණය සහිත වේ
උපාංග කට්ටලයේ අඩංගු සියලුම අයිතම අදාල ආරක්ෂිත ප්‍රමිතීන්වලට අනුකූල වන අතර පෙර පාසලට සහභාගී වන වයස අවුරුදු තුනක් වන ළමුන් සඳහා සුදුසු ය.
අයිතම කුඩා ප්‍රමාණයක වයස අවුරුදු තුනට වඩා අඩු ළමුන්ට භාවිතයට නුසුදුසු කුඩා කොටස් ඇතුලත් ය.
මේවා සුදු පුවරුවල ලිවීමේ පෑන් සහ මැදට කුඩා කාන්දමක් සවිකර ඇති කාන්දම් සහිත පුවරු මැකීමේ උපකරණ වේ.
මෙම අයිතමයන්වල පිටත කවරයේ ගැලපෙන අවධානම් සලකුණු සටහන් කර ඇති අතර ඒවායේ අපේක්ෂිත අරමුණ සඳහා පමණක් භාවිතා කළ යුතුය.
ඔබට වයස අවුරුදු තුනට වඩා අඩු ළමුන් සිටී නම්, මෙම අයිතම ඔවුනට ළඟාවිය නොහැකි ස්ථානයක තබන්න.
සියලුම වයස් කාණ්ඩවල ළමුන්ගේ සියලුම සෙල්ලම් බඩුවලට මෙන්ම, දෙමාපියන් හා රැකබලාගන්නන් සෑමවිටම භාවිතයට පෙර අයිතම පරික්ෂා කළ යුතු අතර ගෙවී යෑමක් හෝ බිඳීයාමක් ඇතිවිට භාවිතයෙන් ඉවත්කළ යුතුය.
Reviewed 22 September 2023