Victoria government logo

ළදරුපාසල් කලින් ආරම්භ කිරීම වෙනුවෙන් වන මූල්‍ය උපකාර (Financial Assistance and Early Start Kindergarten) - සිංහල (Sinhalese)

සියලු දරුවන්ට අවුරුදු දෙකක් ළදරුපාසල්වලට සහභාගී වීමට රජය විසින් අරමුදල් ලබා දීම සිදු කරයි. බොහෝ ‌සේවාවලින් රජයෙන් සැපයෙන අරමුදලට අමතරව ගාස්තුවක් අය කෙරේ. ඔබේ පවුලේ අයට මේ සම්බන්ධයෙන් උපකාර කළ හැකි වීමට ඉඩ ඇත. ඔබ සරණාගත හෝ ආරක්ෂාව අයදින පසුබිමක කෙනෙකු නම්, ඔබ වෙනුවෙන් ළදරුපාසල් කලින් ආරම්භ කිරීම සම්බන්ධයෙන් වන වැඩසටහනක් (Early Start Kindergarten (ESK)) පවතියි. ඔබේ දරුවාට සෑම සතියකට හැකි තරම් උපරිම පැය ගණනක් නොමිලේ සැපයෙන ළදරුපාසල් වැඩසටහන් ලැබෙන බව තහවුරු කිරීමට ඔබට ESK උපකාරී වනු ඇත.

2023 වසරේ දී, සෑම සතියක ම අවුරුදු තුනේ ළදරුපාසල් වැඩසටහන් පැය 5 සිට 15 අතර ගණනක් පැවැත්වෙනු ඇති අතර අවුරුදු හතරේ ළදරුපාසල් වැඩසටහන් පැය 15ක් පැවැත්වෙනු ඇත. ESK තුළින් ලියාපදිංචි වීම මගින් සෑම සතියක ම අවුරුදු තුනේ මෙන් ම අවුරුදු හතරේ ළදරුපාසල් සඳහා සම්පූර්ණ පැය 15 ම ලැබෙන බව තහවුරු කර ගත හැකිය. මෙය පහත දැක්වෙන තත්ත්වයන් හි පසුවන දරුවන්ට ලබා ගත හැකිය:

  • සරණාගත හෝ ආරක්ෂාව පතන පසුබිම්වල දරුවන්ට
  • ආදිවාසික හෝ ටෝරස් සමුද්‍රසන්ධි දූපත්වාසී සේ හඳුනාගැනෙන දරුවන්ට
  • ළමා සුරැකුම් සේවා (Child Protection) සමග කටයුතු කර ඇති පවුල්වල දරුවන්ට

හඳුන්වා දෙන කාලසීමාව තුළ දරුවන් වික්ටෝරියාවේ කුමන ප්‍රදේශයක ජීවත් වූවත් ඔවුන්ට නොමිලේ ‌සැපයෙන හෝ අඩු ගාස්තු සහිත ළදරුපාසල් සේවා සතියකට පැය 15ක් ලබාගත හැකි වනු ඇත. ඔවුන්‌ට දැනට ඇති පවතින ප්‍රවේශය සහ ඔවුන්ට ලැබෙන පැය ගණන වෙනස් නොවේ.

අයදුම් කළ හැක්කේ කෙසේද:

සුදුසුකම් ලත් ගුරුවරු විසින් මෙහෙයවනු ලබන සියලුම ළදරුපාසල් වැඩසටහන්වල ESK සපයනු ලැබේ. ඔබට ආසන්නයෙන් ඇති ළදරුපාසලක් අමතා, කලින් ආරම්භ කිරීමේ ළදරු පාසල් අරමුදල ලබා ගැනීමට අවශ්‍ය බව සඳහන් කරමින් ඔබට ඔබේ දරුවා ලියාපදිංචි කළ හැකිය. ඔබට ඔබේ භාෂාවෙන් උපකාර කිරීම සඳහා ළදරුපාසල් සේවාවලට නොමිලේ සැපයෙන පරිවර්තන සේවා සඳහා ප්‍රවේශය පවතියි.

උපකාර ලබා ගැනීම සඳහා ඔබට අප ඇමතීම හෝ ඔබේ ප්‍රදේශීය කවුන්සිලය ඇමතීම සිදු කළ හැකිය. ඔබේ භාෂාවෙන් වන උදව් ලබා ගැනීම සඳහා 131 450 ඔස්සේ ජාතික පරිවර්තන හා භාෂණ පරිවර්තන සේවාව අමතා, ඔබේ ප්‍රාදේශීය කවුන්සිලය හෝ අප අමතන ලෙස භාෂණ පරිවර්තකයාගෙන් ඉල්ලා සිටින්න. ඉන්පසු ඔවුන් දුරකථනයේ රැඳී සිටිමින් භාෂණ පරිවර්තනය සිදු කරනු ඇත.

අයදුම් කළ යුත්තේ කවදාද:

දරු‌වෝ, ළදරුපාසල්වලට ඇතුළත් වීමට ලියාපදිංචි වන වසරේ අප්‍රේල් මාසයේ 30 වැනිදාට පෙර ඔවුන්ට අවුරුදු 3 සම්පූර්ණ වුවහොත් ඔවුහු ESK ලබා ගැනීමට සුදුසුකම් ලබති.

ඔබේ දරුවාගේ උපන්දිනය ජනවාරි 1 හා අප්‍රේල් 30 අතර වේ නම්, ඔවුන් පාසල් යාම ආරම්භ කරන්නේ කුමන වසරේ ද යන්න ඔබ විසින් ගණනය කළ විට ඒ අනුව ඔවුන්ට ESK ප්‍රවේශය ඇත්තේ කුමන වසරේ ද යන්න ගණනය කළ හැකිය. ඔබේ දරුවා පාසලට ඇතුළත් වන්නේ ඔවුන්ට අවුරුදු පහ පිරුණු විට ද නැත්නම් හය පිරුණු විට ද යන්න ඔබට තෝරා ගැනීමේ හැකියාව වේ. එවිට ඔවුන්ට අවුරුදු තුන හෝ හතර පිරෙන වසරේ දී ESK වෙත ප්‍රවේශය ලබා ගත හැකි වනු ඇත. ඔබේ දරුවා ESK සඳහා සුදුසුකම් ලබාන්නේ කුමන අවස්ථාවේ දී ද යන්න ගණනය කිරීමට උදව් අවශ්‍ය නම් ඔබට, අධ්‍යාපන දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය කවුන්සිලය, ඔබේ මාතෘ හා ළමා සෞඛ්‍ය හෙදිය, ඔබේ ප්‍රදේශයේ ළදරුපාසල හෝ ඔබේ ප්‍රදේශයේ පහත දැක්වෙන ආයතන ඇමතිය හැකිය.

  • අවුරුදු තුනේ ළදරුපාසල් විමසුම් අංකය 1800 338 663
  • Brotherhood of St Laurence 03 9483 1183
  • Foundation House 03 9389 8900
  • Fka ළමා සේවා 03 9428 4471
  • Migrant Resource Centre Northwest Region
    • St Albans: 1300 676 044 or 03 9367 6044
    • Broadmeadows: 03 9351 1278
  • Spectrum Migrant Resource Centre 1300 735 653
  • VICSEG New Futures 03 9383 2533
  • Migrant Resource Centre Northwest Region
    • St Albans: 1300 676 044 or 03 9367 6044
    • Broadmeadows: 03 9351 1278
  • Spectrum Migrant Resource Centre 1300 735 653
  • VICSEG New Futures 03 9383 2533

Reviewed 21 December 2022

Was this page helpful?