Three-Year-Old Kindergarten brochure - Sinhalese

වික්ටෝරියානු රජය මෙම දශකය පුරා ඩොලර් බිලියන 5කට අධික මුදලක් ආයෝජනය කරමින් හඳුන්වාදෙන ලද සියල්ලන්ටම හිමි අවුරුදු තුනේ පෙරපාසැල් වැඩසටහන - දැන් ප්‍රාන්තය පුරා ක්‍රියාත්මක වේ.

වික්ටෝරියානු රජය මෙම දශකය පුරා ඩොලර් බිලියන 5කට අධික මුදලක් ආයෝජනය කරමින් හඳුන්වාදෙන ලද සියල්ලන්ටම හිමි අවුරුදු තුනේ පෙරපාසැල් වැඩසටහන - දැන් ප්‍රාන්තය පුරා ක්‍රියාත්මක වේ.

එමගින් අදහස් වන්නේ වික්ටෝරියානු දරුවන්ට ඉගෙනීමට, වර්ධනය වීමට, සෙල්ලම් කිරීමට හා මිතුරන් තනා ගැනීමට තවත් අවුරුද්දක කාලයක් ලැබෙන බවයි.

වයස අවුරුදු තුනේ සිටම ගුණාත්මක පෙරපාසැල් වැඩසටහනකට සහභාගී වීම මගින් දරුවන්ගේ ඉගෙනීම, වර්ධනය, සෞඛ්‍ය හා යහපැවැත්ම පිළිබඳ අභිප්‍රායන් වඩාත් කාර්යක්ෂම වනු ඇත.

කුඩා දරුවන් අවට ලෝකය ගැන ඉගෙන ගන්නේ සෙල්ලම් කිරීම තුළිනි.

කුඩා දරුවන් වඩාත් හොඳින් ඉගෙන ගන්නේ කෙළි සෙල්ලම් පාදක වූ ඉගෙනීම තුළිනි. එමගින් දරුවන්ට සිය කල්පනා ශක්තිය භාවිත කිරීමට, සිය භාෂා හැකියාවන් වර්ධනය කර ගැනීමට හා ඉලක්කම් හා රටා ගැන ඉගෙනීමට අවස්ථාව ලබා දෙයි. එසේම අන් අය සමග එක්ව කටයුතු කිරීමට, බෙදාහදා ගැනීමට, සවන්දීමට හා සිය හැඟීම් කළමනාකරණය කිරීමට ඔවුහු ඉගෙන ගනිති.

වික්ටෝරියාවේ සියලු දරුවන්ට අවුරුදු දෙකක් පුරා අරමුදල් සැපයෙන පෙරපාසැල්වලට ඇතුළත් වීමේ හැකියාව වේ.

2022 සිට, ප්‍රාන්තය පුරා සිටින දරුවන්ට එක් සතියකට යටත් පිරිසෙයින් පැය පහක කාලයක් අරමුදල් සැපයෙන පෙරපාසැල්වලින් ප්‍රතිලාභ ලැබීමට හැකි වේ. මෙම පැය ගණන 2029 වන විට 15 දක්වා ඉහළ නැංවෙනු ඇත.

ඔබගේ දරුවා කුමන පෙරපාසැලකට ගියත්, ගුරුවරුන් හා පුහුණුව ලත් අධ්‍යාපනඥයින් විසින් මෙම වැඩසටහන් මෙහෙයවනු ඇත.

දරුවන්ට දීර්ඝ දිවා රැකවරණ (ළමා රැකවරණ) සේවාවල හෝ පෙරපාසැල් පමණක් ඇති ස්ථානවල පෙරපාසැල් වැඩසටහන්වලට සහභාගී වීය හැකිය.

කුඩා දරුවන් ලෝකය ගැන ඉගෙන ගන්නේ සෙල්ලම් කිරීම තුළිනි.

ඔවුහු අන් අය සමග එක්ව කටයුතු කිරීමට, බෙදාහදා ගැනීමට, සවන්දීමට හා සිය හැඟීම් කළමනාකරණය කිරීමට ඉගෙන ගනිති.

පෙරපාසැල් වැඩසටහන්වල දී භාෂා හැකියාවන් වර්ධනය කර ගැනීමට හා ඉලක්කම් හා රටා ගැන ඉගෙනීමට දරුවෝ කෙළි සෙල්ලම් උපයෝගී කර ගනිති.

ගුරුවරු හා අධ්‍යාපනඥයෝ දරුවන්ට කුතුහලයෙන් යුතුව, නිර්මාණාත්මකව හා විශ්වාසය ඇතිව ඉගෙනීමට උපකාර කරති.

Updated