දක්ෂතාවන් බොහෝ ගණනක් - එක් VCE පරීක්ෂණයක් (Many Talents One VCE) - සිංහල (Sinhalese)

VCE වෙනස්වෙයි

නව තෝරා ගැනීම් වෙත ප්‍රවේශ විය හැකිය. ඔබේ කුසලතාව කුමක් වුවත්, එක් VCE පරීක්ෂණයක් යටතේ එය වැඩිදුරටත් හැදෑරිය හැකිය.

නව VCE Vocational Major (VCE වෘත්තීමය ප්‍රධාන විෂය) යනු VCE තුළ පවත්නා වසර දෙකක වැඩසටහනකි. සිසුහු ඔවුන්ගේ රැකියා හා ජීවිතය සඳහා දැනුම, විශ්වාසය මෙන් ම කුසලතා වර්ධනය කරති.

මෙමගින් අදහස් වන්නේ VCE ඔස්සේ විවිධ වූ සිසුන් සමාන ලෙස හඳුනා ගන්නා බවයි.

නව වික්ටෝරියානු පිවිසුම් මාර්ග සහතිකය (Victorian Pathways Certificate (VPC) යනු විවිධ වූ හේතූන් නිසා VCE ‌හෝ VCE Vocational Major අධ්‍යන මාර්ග තෝරා ගැනීමට සූදානම් නැති 11 වසරේ හා 12 වසරේ සිසුන් කුඩා කණ්ඩායමක් වෙනුවෙන් සැකසුනු නම්‍යශීලී පදනම් ද්වියිතීක පාඨමාලාවකි.

ඔබට දැන් වඩාත් ඉහළ මට්ටමේ විෂය මාලාවකට අනුව වැඩි අධ්‍යාපන තෝරා ගැනීම් මෙන් ම වඩාත් හොඳ රැකියාස්ථාන අත්දැකීම් සඳහා ප්‍රවේශයන් තිබේ - එමගින් වැඩිදුර අධ්‍යාපනයට, TAFE හෝ රැකියාව ඔස්සේ පුහුණුව ලබා දීමට ඔබ සූදානම් කරවයි.

Updated