වික්ටෝරියානු පිවිසුම් මාර්ග සහතිකය (Victorian Pathways Certificate) - සිංහල (Sinhalese)

VPC ගැන

The Victorian Pathways Certificate (VPC) යනු නව ඇතුළත්කරණ හා නම්‍යශීලී සහතික පත්‍රයකි.

ඔබට සාර්ථක වීමට අවශ්‍ය රැකියා සම්බන්ධ කුසලතා හා හැකියාවන් වර්ධනය කර ගැනීම සඳහා එමගින් ආකර්ෂණීය විෂයමාලා හා අතිරේක උපකාර සපයයි.

සාමාන්‍යයෙන් වසර 11 හා 12 දී VPC සම්පූර්ණ කරන නමුත්, කලින් ආරම්භ කිරීමට හෝ අවුරුදු 2කට වඩා වැඩි කාලයක දී අවසන් කිරීමට හැකි වන පරිදි එය නම්‍යශීලීය. මෙහි දී VCE හා VCE Vocational Major වලට වඩා වැඩි ප්‍රවේශීය මට්ටමකින් පාඨමාලා සැලසුම් කිරීම හා ලබා දීම සිදු වේ. ඔබට ඔබේ ම වේගයට අනුව VPC හැදෑරිය හැකි අතර, ඔබේ ගුරුවරුන් විසින් විවිධ වූ පංතිකාමර ඉගෙනුම් ක්‍රියාකාරකම් ගණනාවක් ඔස්සේ ඔබේ ප්‍රගතිය ඇගයීමට ලක් කරනු ඇත.

පාසල් වසරේ ඕනෑම අවස්ථාවක VPC ආරම්භ කිරීමට ඔබේ පාසල විසින් ඔබට ඉඩ සලසා දීමට අවස්ථාව වේ. VPC අවසන් කිරීමට ඔබ ගත කරන කාලය නම්‍යශීලී වේ.

VPC හි උචිත බව සම්බන්ධයෙන් ඔබ, ඔබේ පාසල හා පවුලේ අය සමග කතා කළ යුතුය.

VPC මගින් Foundation VCAL ප්‍රතිස්ථාපනය කර ඇත.

VPC යටතේ වන අධ්‍යාපන තෝරා ගැනීම්

ඔබේ VPC වලට පහත දේ ඇතුළත් වනු ඇත:

  • VPC සාක්ෂරතාව (නැත්නම් VCE VM සාක්ෂරතාව වැනි VCE ඉංග්‍රීසි වරණයන්)
  • VPC සගණනතාව (නැත්නම් VCE VM සගණනතාව වැනි VCE ගණිත වරණයන්)
  • VPC රැකියා සම්බන්ධ කුසලතා
  • VPC පෞද්ගලික සංවර්ධන කුසලතා
  • ඔබේ ‌‌ඉගෙනීමේ අංගයක් ලෙස රැකියා ස්ථානයක කිසියම් කාලයක් ගත කිරීම එය ව්‍යුහමය රැකියා ස්ථාන ඉගෙනුම ලෙස හැඳින්වේ.

ඔබට තවත් VCE හෝ VCE VM වරණයන් එක් කර ගත හැකිය. එසේ නැත්නම්, වෘත්තීය අධ්‍යාපනය හා පුහුණුව (VET) VPC හි ඇතුළත් කර ගැනීම තෝරාගත හැකිය. Victorian Pathways Certificate හි VET ගැන වැඩිදුර විස්තර දැන ගන්න.

ඔබේ ගුරුවරයා හෝ වෘත්තීය උපදේශකයා විසින් ඔබේ ඉගෙනුම් අවශ්‍යතා හා ලැදියාවන්ට උචිත වැඩසටහනක් තෝරා ගැනීමට ඔබට උපකාර කරනු ඇත.

VPC ඔබට ප්‍රයෝජනවත් විය හැක්කේ කෙසේද

ඔබට පාසල් යාම බොහෝ සේ මගහැරී ඇත්නම් හෝ අතිරේක ඉගෙනුම් අවශ්‍යතා ඇත්නම්, VPC මගින් VCE Vocational Major, ඇතුළත් වීමේ මට්ටමේ TAFE, VET වෙත ප්‍රගමනය වීමට හෝ රැකියාවක් ලබා ගැනීමට උපකාර කරනු ඇත.

VPC පිවිසුම් මාර්ගය - බ්‍රැන්ඩන්ගේ ගමන්මග

බ්‍රැන්ඩන්ට නම්‍යශීලී බව අවශ්‍යය. ඔහුගේ ‌සෞඛ්‍ය තත්ත්වය නිසා විරාමයකින් පසු ඔහු ආපසු පාසලට පැමිණ සිටියි. බ්‍රැන්ඩන්ගේ ගුරුවරයා VPC ගැන ඔහු හා ඔහුගේ මාපියන් සමග කතා කළේය.

බ්‍රැන්ඩන් VPCවලට කැමති වන්නේ ඔහු කැමති අවස්ථාවක ඔහුට සිය ඉගෙනුම් වැඩසටහන ආරම්භ කළ හැකි බැවිනි. බ්‍රැන්ඩන් VPC හැදෑරීමට තීරණය කළේ ප්‍රජා ව්‍යාපෘති හා කණ්ඩායමක වැඩ කිරීම එයට ඇතුළත් වන බැවිනි. බ්‍රැන්ඩන්ට සිය ඉගෙනුම් වැඩසටහන සම්පූර්ණ කිරීමට වසර දෙකකට වැඩි කාලයක් ගත විය හැකිය.

10 වසර ඉංග්‍රීසි හා ගණිතය වෙනුවට, බ්‍රැන්ඩන් VPC ඒකක 1 සාක්ෂරතාව හා සගණනතාව හදාරයි. ඔහු 11 හා12 වසර සඳහා සිය තෝරා ගැනීම් සිදු කරන විට, තමාට නම්‍යශීලීබව අවශ්‍ය නිසා VPC නිවැරදි වැඩසටහන බව බ්‍රැන්ඩන් දැන සිටියි.

11 වසරේ දී ඔහු කුඩා ව්‍යාපාර පිළිබඳ සහතික පත්‍ර II ආරම්භ කරන්නේ මෙම VET විෂය පාසලේ දී ම පැවැත්වෙන නිසා ඔහුට එයට සහභාගී වීම පහසු වන බැවිනි. 12 වසර වන විට, බ්‍රැන්ඩන් නිතිපතා පාසල් පැමිණෙමින් සිටින අතර, සැලෝන් සහායක සහතික පත් II සඳහා ලියාපදිංචි වෙයි. ඔහු කොණ්ඩා සැකසුම් ස්ථානයක දී ව්‍යූහාත්මක රැකියාස්ථාන ඉගෙනුම ලබා ගනියි. මෙයින් අදහස් වන්නේ ඔහුගේ රැකියා ස්ථාන පුහුණුව සඳහා ඔහුට විෂයභාරයන් ලැබෙන බවයි.

පාසල හැර යාමෙන් අනතුරුව කොණ්ඩා සැකසුම්කරුවකු ලෙස ආධුනිකත්වත්වයක් ලබා ගැනීමට බ්‍රැන්ඩන්ට අවශ්‍ය වේ.

බ්‍රැන්ඩන්ගේ 10 වසර අධ්‍යාපනය

  • VPC සාක්ෂරතා ඒකක 1
  • VPC සගණනතා ඒකක 1

බ්‍රැන්ඩන්ගේ 11 වසර අධ්‍යාපනය

  • VPC සාක්ෂරතා ඒකක 2
  • VPC සගණනතා ඒකක 2
  • VPC පෞද්ගලික සංවර්ධන කුසලතා ඒකක 1
  • VPC රැකියා සම්බන්ධ කුසලතා ඒකක 1
  • VET කුඩා ව්‍යාපාර සහතික II (මෙහෙයුම්/ නවෝත්පාදනය) ඒකක 1 හා 2

බ්‍රැන්ඩන්ගේ 12 වසර අධ්‍යාපනය

  • VPC සාක්ෂරතා ඒකක 3
  • VPC පෞද්ගලික සංවර්ධන කුසලතා ඒකක 2
  • VPC රැකියා සම්බන්ධ කුසලතා ඒකක 2
  • සැලෝන් සහායක ඒකක 1 හා 2 හි VET සහතික II
  • VET ව්‍යුහාත්මක රැකියා ස්ථාන ඉගෙනුම් ඒකක 1 හා 2 (පැය 90ක්)

Updated