පාසලේ දී වෘත්තීය අධ්‍යාපනය හා පුහුණුව (VET) (Vocational Education and Training (VET) at school) - සිංහල (Sinhalese)

වෘත්තීය අධ්‍යාපනය හා පුහුණුව ගැන පැහැදිලි කිරීමක්

වෘත්තීය අධ්‍යාපනය හා පුහුණුව (VET) යනු ඔබ ඔබේ ඉලක්කගත හා ප්‍රායෝගික කුසලතා වර්ධනය කර ගන්නා අතරතුර හැදෑරීමයි. ඔබ ඉගෙන ගන්නා කුසලතා ඔබේ වෘත්තීය පිවිසුම් මාවතකට අදාළ වන අතර ඔබට රැකියාවේදී හෝ වැඩිදුර අධ්‍යාපනය හා පුහුණුව ලැබීමේදී දී ඒවා අදාළ විය හැකිය.

ඔබ 11 වසරේ හෝ 12 වසරේ සිටින අතරතුර VET පාඨමාලාවක් හෝ සහතිකපතක් ඔබේ අධ්‍යාපනයට එකතු කර ගත හැකිය. ඔබට 10 වසරේ දී පවා VET ආරම්භ කළ හැකිය.

VET ඔබේ අධ්‍යාපනයට ඇතුළත් කර ගැනීම

VET ඔබේ ජ්‍යෙෂ්ඨ ද්වියිතීක අධ්‍යාපනයට වෙනත් නව ඉගෙනුම් මට්ටමක් එක් කරයි. ඔබට රැකියාවක නියුතු වීමේ හැකියාව ඉහළ නංවමින්, ඔබ උනන්දුවක් දක්වන ක්ෂේත්‍රයක ප්‍රායෝගික කුසලතා ඔබට ලබාගත හැකිය.

ඔබේ VCE, VCE Vocational Major හෝ Victorian Pathways Certificate (VPC) වැඩසටහන්වලට VET එක් කර ගැනීම ගැන ඔබේ ගුරුවරයා හෝ වෘත්තීය උපදේශකයා සමග කතා කරන්න.

VET පාඨමාලා මගින් :

  • විශේෂිත ක්ෂේත්‍රයක ජාතික වශයෙන් පිළිගැනෙන සුදුසුකමක්‌, හෝ එවැන්නක් කරා ප්‍රවේශයක් ලබා දෙයි.
  • ඔබේ VCE, VCE Vocational Major ‌හෝ VPC සම්පූර්ණ කිරීම කරා දායකත්වයක් ලබා දෙයි.
  • ගෙවීම් සහිත පාසල්පාදක ආධුනිකත්වයක් හෝ පුහුණුවක් ඔස්සේ ඉගෙනීමට ඔබට තෝරා ගැනීමක් ලබා දෙයි.

ඔබේ VET තෝරා ගැනීම්

ප්‍රමුඛ පිවිසුම් මාවත් 12ක ඉහළ ඉල්ලුමක් ඇති කුසලතා සම්බන්ධ පුහුණුව බොහෝ පාසල් විසින් පිරිනමනු ලැබේ.

* ලකුණු ලබා ගන්නා පිවිසුම් මාර්ග පවතියි.

^ ඒකක 3 හා 4 අනුපිළිවෙල සහිතයි

ඔබේ පාසල පිරිනමන VET තෝරා ගැනීම් ගැන පාසැලේ වෘත්තීය උපදේශකවරයාගෙන් විමසන්න.

ඔබට පෙළඹවීමක්‌ සොයමින් සිටිනවාද? VET ජයග්‍රාහකයන් ගැන විමසා බලන්න. මෙම ඉහළ තනතුරු හොබවන වික්ටෝරියානුවෝ VET පිවිසුම් මාවත් ඔස්සේ සාර්ථකත්වය අත්පත්කරගෙන ඇත.

පාසලේ දී සැපයෙන ආධුනිකත්ව හා පුහුණුවීම්

ඔබේ VCE, VCE Vocational Major හෝ VPC සඳහා ආධුනිකත්වයක් හෝ පුහුණුවක් ඇතුළත් කර ගත හැකිය. පාසල් කාලය තුළ ආධුනිකත්වයක් හෝ පුහුණුවක් ආරම්භ කර ගැනීමෙන් අදහස් වන්නේ සුදුසුකමක් ලැබීමට තුඩුදෙන රැකියා පුහුණුවෙන් ඔබට ගෙවීමක් ලැබෙන බවයි. පාසල් පාදක ආධුනිකත්ව හා පුහුණු මගින් ඔබට විශ්වාසය මෙන් ම සේවායෝජකයන් අපේක්ෂා කරන වෘත්තීය කුසලතා ලබා දෙයි.

වැඩිදුර විස්තර

පාසලේ පවතින VET පිවිසුම් මාවත්
VET ශිෂ්‍ය මාර්ගෝපදේශය ලබා ගන්න | VCAA වෙබ්අඩවිය
VCE VET වැඩසටහන් | VCAA වෙබ්අඩවිය

Updated