VCE හා VCE Vocational Major (VCE වෘත්තීය ප්‍රධාන ධාරාව) (VCE and VCE Vocational Major) - සිංහල (Sinhalese)

අවුරුදු 2ක නව වැඩසටහනක් වන VCE Vocational Major ලබා දීම සඳහා ද VCE වෙනස් වෙමින් පවතියි. එමගින් ඔබට රැකියා ආශ්‍රිත නිපුණතා ලබා දෙමින් වැඩිදුර අධ්‍යාපනය හා පුහුණුව සඳහා ඔබව සූදානම් කරයි.

VCE හා Vocational Major ගැන

වික්ටෝරියානු අධ්‍යාපන සහතිකය යනු වික්ටෝරියාවේ ජ්‍යෙෂ්ඨ ද්වියිතීක අධ්‍යාපන පුදුසුකමයි. එමගින් විශ්වවිද්‍යාලයට, ඉහළ මට්ටමේ TAFE වෙත හෝ VET සහතික පත්‍ර පාඨමාලා, ආධුනිකත්ව, පුහුණුවීම් හා ශ්‍රමබලකාය වෙත පිවිසුම් මාවත් විවෘත කරයි.

Vocational Major, ඇතුළත් කර ගැනීම දක්වා VCE පුළුල් වී ඇත. මෙයින් අදහස් වන්නේ, ඔබට VCE තුළන් අවුරුදු 2ක නව වෘත්තීය හා ව්‍යාවහාරික ඉගෙනුම් වැඩසටහනක් හැදෑරිය හැකි බවයි.

Vocational Major මගින් ඔබගේ පෞද්ගලික හා ප්‍රායෝගික ජීවන කුසලතා සංවර්ධනය කරනු ඇත. එමගින් ඔබව ජීවිතයේ ඊළඟ වැදගත් අදියරට සූදානම් කරවනු ඇත.

ඉගෙනුම් වරණයන්

ඔබට VET හි VCE හෝ VCE Vocational Major සම්පූර්ණ කිරීම ද කළ හැකිය තෝරා ගැනීමට VCE VET විෂයන් 27ක් පවතින අතර, වික්ටෝරියාව පුරා බොහෝ පාසල් ප්‍රමුඛතා VET වැඩසටහන් පිරිනමති.

VCE Vocational Major ඔබට ප්‍රයෝජනවත් විය හැක්කේ කෙසේද

VCE Vocational Major පහත දැක්වෙන පිවිසුම් මාර්ගයක් පිරිනමයි:

  • ආධුනිකත්ව
  • පුහුණුවීම්
  • වැඩිදුර අධ්‍යාපනය හා පුහුණුව
  • විශ්වවිද්‍යාලය (විකල්ප ඇතුළත් වීමේ වැඩසටහන් ඔස්සේ)
  • රැකියා.

ඔබට දැනටමත් හැකියාවන් ගණනාවක් ඇති බවත් නව VCE යටතේ ඔබට ඒවා වැඩිදුර හැදෑරීමට හැකි බවත් මතක තබා ගන්න.

VCE Vocational Major ලබා ගැනීම

VCE Vocational Major, ලබා ගැනීම සඳහා ඔබ විසින් යටත් පිරිසෙයින් ඒකක 16ක් අවසන් කළ යුතුය. එයට පහත දැක්වෙන ඒකක ඇතුළත් වනු ඇත.

  • VCE VM සාක්ෂරතාව හෝ VCE ඉංග්‍රීසි
  • VCE VM සගණනතාව හෝ VCE ගණිතය
  • VCE VM රැකියා සම්බන්ධ නිපුණතා
  • VCE VM පෞද්ගලික සංවර්ධන නිපුණතා
  • VET හි සහතිකපත් II හෝ ඉහළ මට්ටමක් (නාමික පැය 180ක්)

බොහෝ VCE Vocational Major සිසුහු ඔවුන්ගේ වැඩසටහනට වෙනත් VCE විෂයන් ද එක්කර ගනිති.

ඔබේ වැඩසටහන සැලසුම් කර ගැනීමට ඔබේ ගුරුවරයා හෝ වෘත්තීය උපදේශකවරයා උපකාර කරනු ඇත. බොහෝ සිසුුුහු සිය CE Vocational Major වසර ‌2ක් ඇතුළත අවසන් කරති.

රැකියා ස්ථාන වැනි ප්‍රායෝගික සැකසුම්වල දී ඔබ දැනුම හා කුසලතා ක්‍රියාත්මක කිරීම සිදු කරනු ඇත. ඔබ විසින් ප්‍රජා පාදක ක්‍රියාකාරකම් හා කණ්ඩායමක් ලෙස වැඩ කිරීමට අදාළ ව්‍යපෘති සිදු කරනු ඇත. රැකියා ස්ථානයේ සිදුවන හැදෑරීම සඳහා ඔබට සම්මාන ලැබීමට ද හැකිය.

ඔබේ ගුරුවරුන් විසින් ක්‍රියාකාරකම් පරාසයක් ඔස්සේ ඔබේ ප්‍රගතිය ඇගයීමට ලක් කරනු ඇත. VCE Vocational Major විෂයන් සඳහා ඔබට අධ්‍යයන අගයක් නොලැබෙනු ඇත. එයින් අදහස් වන්නේ මෙම විෂයන් ATAR සඳහා ගණනය නොවන බවයි. මෙයට හේතු වන්නේ General Achievement Test (සාමාන්‍ය සාධ්‍යතා පරීක්ෂණය) හා සමහර ලකුණු ලබා දෙන VCE VET වැඩසටහන් හැරුණු විට වෙනත් පරීක්ෂණ හෝ බාහිර ඇගයීම් නොමැති වීමයි.

ඔබ විසින් ඔබේ පාඨමාලාව සම්පූර්ණ කළ විට, ඔබට Victorian Certificate of Education (වික්ටෝරියානු අධ්‍යාපන සහතිකයක්) ලැබෙන අතර එහි ‘Vocational Major’ යන අතිරේක වචන ඇතුළත් වේ.

VCE Vocational Major පිවිසුම් මාවත – කමලාගේ ගමන් මග

කමලා රැකියාව ආශ්‍රිතව ඉගෙනීමට කැමති අතර ඇයට යකඩ වෑද්දුම් ශිල්පියෙකු වීමට අවශ්‍යය. එබැවින් ඇය VCE Vocational Major (VCE VM) සඳහා ලියාපදිංචි වීමට කටයුතු කරයි. ඇය විසින් VCE VM අධ්‍යයනයන් හා VCE VET ඉංජිනේරු සහතිකපත්‍ර II හදාරනු ඇත. කමලා සිය වික්ටෝරියානු අධ්‍යාපන සහතිකය - Vocational Major සහිතව අයගේ ද්වියිතීය අධ්‍යාපනය නිම කරන්නීය. ඇය මේ ගැන සිය පවුලේ අය, ගුරුවරයා හා පාසලේ වෘත්තීය උපදේශක සමග සාකච්ඡා කළේය.

මින් පෙර කමලා අයගේ සීයාගේ ගොවිපලේ කාලය ගතකර ඇති අතර ඔවුන්ට මඩු කිහිපයක් තැනීමට උපකාර කර ඇත. 10 වසරේ දී, කමලා TAFE අත්දැකීමක් ලබන අවස්ථාවකට සහභගි වූ අතර VET ඉංජිනේරු විද්‍යාව ගැන අත්දැකීමක් ලබා ගත්තාය. පසුව ඇය ප්‍රදේශයේ කැරවෑන් නිෂ්පාදන ආයතනයක් වෙත වෘත්තීය චාරිකාවක් ගිය අවස්ථාවකදී, ඇය 11 වසරේ සිටින විට ඇයට ව්‍යුහාත්මක රැකියා ස්ථාන පුහුණුවක් ලබා ගත හැකි දැයි විමසුවේය. මෙයින් අදහස් වන්නේ ඇය යම් පාසල් කාලයක්‌ කැරවෑන් නිෂ්පාදන ආයතනයේ රැකියාව ආශ්‍රිතව උගනිමින් ගත කරනු ඇති බවයි. ඇගේ VCE Vocational Major හි දී ඇයට මේ ගත කළ කාලය සඳහා සම්මාන ලැබෙනු ඇත. ඇය 12 වසර සම්පූර්ණ කළ විට, මෙම සමාගමෙන් ආධුනිකත්වයක් ලබා ගැනීමට කමලා අපේක්ෂා කරයි.

කමලාගේ 11 වසර අධ්‍යාපනය

  • VCE VM සාක්ෂරතා ඒකක 1 හා 2
  • VCE සාමාන්‍ය ගණිතය ඒකක 1 හා 2
  • VCE VM රැකියා ආශ්‍රිත කුසලතා ඒකක 1 හා 2
  • VCE VET ඉංජිනේරු සහතික පත්‍රය II ඒකක 1 හා 2
  • VET ව්‍යුහාත්මක රැකියා ස්ථාන ඉගෙනුම් ඒකක 1 හා 2 (පැය 90ක්)

කමලාගේ 12 වසර අධ්‍යාපනය

  • VCE VM සාක්ෂරතා ඒකක 3 හා 4
  • VCE සාමාන්‍ය ගණිතය ඒකක 3 හා 4
  • VCE VM පෞද්ගලික සංවර්ධන කුසලතා ඒකක 3 හා 4
  • VCE VM රැකියා ආශ්‍රිත කුසලතා ඒකක 3 හා 4
  • VCE VET ඉංජිනේරු සහතික පත්‍රය II ඒකක 3 හා 4
  • VET ව්‍යුහාත්මක රැකියා ස්ථාන ඉගෙනුම් ඒකක 2 (පැය 90ක්)

VCE ඔබට උපකාරී විය හැක්කේ කෙසේද

VCE මගින් ඔබව විශ්වවිද්‍යාලය වෙත පිවිසුම් මාවතක් පිරිනමන අතර ඔබට ATAR ලකුණක් ලබා ගත හැකිය.

VCE ලබා ගැනීම

ඔබේ VCE ලබා ගැනීම සඳහා, ඔබ විසින් පහත සඳහන් ඒවා ඇතුළත්ව යටත් පිරිසෙයින් ඒකක 16ක් අවසන් කළ යුතුය:

  • ඉංග්‍රීසි කණ්ඩායමෙන් ඒකක තුනක්, ඒකක 3 හා 4 අනුපිළිවෙල ඇතුළත්ව
  • ඒකක 3න් හා 4 අධ්‍යයනයන වලින් යටත් පිරිසෙයින් තවත් අනුපිළිවෙල දෙකක්.

වසර 11 හා 12 කාලයේ දී, බොහෝ සිසුහු ඒකක 20 හා 24 අතර ගණනක් හදාරන අතර, සාමාන්‍යයෙන් එයින් 6ක් 11 වසරේ දී හදාරා 12 වසරේ දී 5 දක්වා අඩු කරති.

ඔබ VCE Vocational Major සඳහා ලියාපදිංචි වී සිටින්නේ නම්, ඔබට හැදෑරිය හැකිකේ නව විෂයන් වන සාක්ෂරතාව, සගණනතාව, රැකියා ස්ථාන ආශ්‍රිත කුසලතා හා පෞද්ගලික සංවර්ධන කුසලතා පමණි.

ඔබට වඩාත් ගැලපෙන ආකාරයට ඔබේ VCE වැඩසටහන ගොඩනගන්නේ කෙසේද යන්න ගැන ඔබේ ගුරුවරයා හෝ වෘත්තීය උපදේශකවරයා සමග කතා කරන්න.

VCE පිවිසුම් මාවත – දේශිගේ ගමන් මග

දේශිට නීතීඥවරයකු වීමට අවශ්‍ය බැවින් ඔහු ඉංග්‍රීසි, ගණිතය, නීති අධ්‍යයනය, ශාරීරික අධ්‍යාපනය, ඉතිහාසය හා VCE VET ව්‍යාපාර වැනි VCE විෂයන් සඳහා ලියාපදිංචි වේ. ඔහු VCE සහිතව ඔහුගේ ද්වියිතීක අධ්‍යාපනය අවසන් කරනු ඇත.

දේශි විසින් ඔහුගේ අනාගත වෘත්තියට අදාළවන මෙන් ම ඔහු ඇත්තෙන්ම උනන්දුවක් දක්වන විෂයන් තෝරාගෙන ඇත. නීතිය ඉගෙනීම සඳහා වන විශ්වවිද්‍යාල පාඨමාලාවේ පූර්ව අවශ්‍යතා සැපිරිය හැකි වන පරිදි, ඔහු සිය තෝරා ගැනීම් ගුරුවරයා හා පාසලේ වෘත්තීය උපදේශකවරයා සමග කතා කතා කරයි.

දේශීගේ 10 වසර අධ්‍යාපනය

  • VCE ශාරීරික අධ්‍යාපනය ඒකක 1 හා 2

දේශීගේ 11 වසර අධ්‍යාපනය

  • VCE VM ඉංග්‍රීසි ඒකක 1 හා 2
  • VCE ගණිත ක්‍රම ඒකක 1 හා 2
  • VCE නීති අධ්‍යයන ඒකක 1 හා 2
  • VCE නූතන ඉතිහාසය ඒකක 1 හා 2
  • VCE ශාරීරික අධ්‍යාපනය එකක 3 හා 4
  • VCE VET ව්‍යාපාර සහතික පත්‍රය III ඒකක 1 හා 2

දේශීගේ 12 වසර අධ්‍යනයන්

  • VCE ඉංග්‍රීසි ඒකක 3 හා 4
  • VCE ගණිත ක්‍රම ඒකක 3 හා 4
  • VCE ඉතිහාසයේ විප්ලවයන ඒකක 3 හා 4
  • VCE නීති අධ්‍යයන ඒකක 3 හා 4
  • VCE VET ව්‍යාපාර සහතික පත්‍රය III ඒකක 3 හා 4

වැඩිදුර විස්තර

VCE ප්‍රතිඵල සහ ATAR

General Achievement Test (සාමාන්‍ය සාධ්‍යතා පරීක්ෂණය) (GAT)

VCE VM විෂයමාලාව

මගේ VCE ශිෂ්‍ය උපදෙස් මාලාව

Updated