ජ්‍යෙෂ්ඨ ද්වියිතීක අධ්‍යාපනයේ වෙනස් වන්නේ මොනවාද? (What’s changing in senior secondary) - සිංහල (Sinhalese)

ඔබේ ජ්‍යෙෂ්ඨ සහතික තෝරා ගැනීම් වෙනස් වෙමින් පවතියි. මෙය ඔබට අදාළ වන්නේ කෙසේදැයි සොයා බලන්න.

වික්ටෝරියානු ජ්‍යෙෂ්ඨ ද්වියීතීක අධ්‍යාපනය වෙනස් වෙමින් පවතියි.

ඔබේ වික්ටෝරියානු අධ්‍යාපන සහතිකය (Victorian Certificate of Education (VCE) ලබා ගැනීමට නවතම ක්‍රමයක් ඇත.

VCE හි දැන් VCE තුළම අඩංගු වසර දෙකක නව වැඩසහටනක් වන Vocational Major (වෘත්තීමය ප්‍රධාන ධාරාව) ඇතුළත් වේ.

සිය ඉගෙනීමේ දී නම්‍යශීලී බවක් අවශ්‍ය අය වෙනුවෙන් නව වික්ටෝරියානු පිවිසුම් මාර්ග සහතිකය (Victorian Pathways Certificate) පවතිනු ඇත.

මෙම නව වරණයන් වැඩදියුණු කළ විෂයමාලා තුළින් වික්ටෝරියානු ව්‍යවහාරික ඉගෙනුම් සහතිකය (Victorian Certificate of Applied Learning - VCAL) ප්‍රතිස්ථාපනය කරයි. එමගින් ඔබව වැඩිදුර අධ්‍යාපනය, TAFE පුහුණුව හෝ රැකියා සඳහා සූදානම් කරවයි.

VCE Vocational Major (VCE වෘත්තීය ප්‍රධාන ධාරාව)

නව VCE වෘත්තීමය ප්‍රධාන විෂය යනු VCE තුළ පවත්නා වසර දෙකක ව්‍යවහාරික ඉගෙනුම් වැඩසටහනකි. ඔබ රැකියා හා ජීවිතය සඳහා දැනුම, විශ්වාසය මෙන් ම කුසලතා වර්ධනය කරගනු ඇත. එය ඔබව රැකියා හා වැඩිදුර අධ්‍යාපනය හා පුහුණුව සඳහා සූදානම් කරවනු ඇත.

ඔබ ද්වියීතික පාසල නිමකර පිටව යන විට, ඔබට වික්ටෝරියානු අධ්‍යාපන සහතිකයක් ලැබෙන අතර එහි 'Vocational Major' යන අතිරේක වචන සඳහන් වනු ඇත.

ඔබ සැබෑ ලෝක පරිසරයක ඉගෙනීමට සහ ප්‍රායෝගික ජීවන කුසලතා ක්‍රියාවට නැංවීමට කැමති නම්, හා ඔබට පාසල අවසන් කරන විට ATAR අවශ්‍ය නොවේ නම් VCE Vocational Major අගනා තෝරා ගැනීමකි.

VCE Vocational Major හි දී ඔබට General Achievement Test (සාමාන්‍ය සාධ්‍යතා පරීක්ෂණය) (GAT) හැර වෙනත් විභාගවලට පෙනී සිටීමට අවශ්‍ය නොවේ.

VCE Vocational Major ගැන වැඩිදුර කියවා බලන්න.

The Victorian Pathways Certificate (වික්ටෝරියානු පිවිසුම් මාර්ග සහතිකය)

Victorian Pathways Certificate යනු නම්‍යශීලී වැඩසටහනකි. එය සැලසුම් කර ඇත්තේ විවිධ වූ හේතූන් නිසා VCE ‌හෝ VCE Vocational Major අධ්‍යාපනය ලබා ගැනීමට නොහැකි හෝ සූදානම් නැති 11 වසරේ හා 12 වසරේ සිසුන් කුඩා කණ්ඩායමක් සඳහාය.

එය ඔබව රැකියා මෙන්ම වැඩිදුර අධ්‍යාපනය හා පුහුණුව සඳහා ද සූදානම් කරවනු ඇත.

Victorian Pathways Certificate ඔබට උචිත දැයි ඔබට තීරණය කිරීම සඳහා ඔබේ පාසලට උපකාරී විය හැකිය.

Victorian Pathways Certificate ගැන වැඩිදුර කියවන්න.

VCAL ප්‍රතිස්ථාපනය කර ඇත්තේ ඇයි

මෙම වෙනස්කම්, ජ්‍යෙෂ්ඨ ද්වියිතීක පාසල් ඉගෙනුම් ක්‍රියාවලියේ වෘත්තීය හා ව්‍යාවහාරික ඉගෙනුම් පිවිසුම් මාර්ග පිළිබඳව කෙරුනු සමාලෝනයේ ප්‍රතිඵලයක් සේ සිදු වී ඇත (the Firth review). සමාලෝචනය මගින් අප විසින් පාසල්වල වෘත්තීමය ඉගෙනුම වැඩිදියුණු කළ යුතු බව සොයාගෙන තිබේ.

දැන් ඔබට ඉහළ ගුණාත්මක අගයක් ඇති, අදාළ වෘත්තීය අධ්‍යාපන හා ව්‍යවහාරික ඉගෙනුම් අවස්ථා ලබා ගැනීමට වැඩි ප්‍රවේශයක් ලැබෙනු ඇත. ඔබට නව VCE යටතේ ඔබේ බොහෝ කුසලතා අළුත් ආකාරයෙන් භාවිත කිරීමට හැකි වනු ඇත.

2022 වසරේ VCAL හදාරන සිසුන් බොහෝ දෙනක් දැනටමත් VCAL අවසන් කිරීම හෝ නව තෝරා ගැනීම්වලින් එකකට මාරු වීම සිදු කර ඇත. 2023 වසරේදී සිසුන් කුඩා සංඛ්‍යාවක් අන්තර්මධ්‍ය VCAL හදාරනු ඇත.

ඔබේ පිවිසුම් මාර්ග තෝරා ගැනීම

ඔබේ පාසලේ පාඨමාලා උපදේශන සැසි මගින් ඔබට තෝරා හැකි පිවිසුම් මාර්ග ගැන දන්වනු ඇත.

ඔවුන් ලබා දෙන්නේ ‌මොනවාදැයි දැන ගැනීමට ඔබේ පාසල සමග කතා කරන්න. උදාහරණයක් ලෙස, ‌ඔබේ පිවිසුම් මාර්ගයට වෘත්තීය අධ්‍යාපනය හා පුහුණුව එක් කර ගත හැකිය .

මේ ගැන සහ අනෙක් ජ්‍යෙෂ්ඨ ද්වියිතීක වෘත්තීය ‌ඉගෙනුම් ප්‍රතිසංස්කරණ හා වරණයන් ගැන වැඩිදුර විස්තර කියවන්න.

Updated