ලියාපදිංචි වන්නේ කෙසේද හා කවදාද (How and when to enrol) - සිංහල (Sinhalese)

ලියාපදිංචි වන ආකාරය ගැන ඔබේ ප්‍රාදේශිය කවුන්සිලය හෝ ළදරුපාසල් සේවාව අමතන්න. ඔබට 1800 338 663 ඔස්සේ Three-Year-Old Kindergarten (අවුරුදු තුනේ ළදරු පාසල්) විමසුම් අංකයට කතා කිරීම හෝ 3YO.kindergarten@education.vic.gov.au වෙත ඊමේල් පණිවුඩයක් යොමු කිරීම සිදු කළ හැකිය. තමාගේ භාෂාවෙන් තොරතුරු ලබා ගැනීමට හෝ භාෂණ පරිවර්තකයෙකු ‌සොයා ගැනීමට මුලින් 131 450 අමතන්න.

කලින් ආරම්භ කෙරෙන ළදරු පාසල්

සරණාගත හා ආරක්ෂාව අයදින පසුබිම්වල දරුවන්ට අතිරේක උපකාර ලබා ගත හැකි අතර Early Start Kindergarten (කලින් ආරම්භ කරන ළදරු පාසල්) ඔස්සේ ළදරු පාසල් කරා ප්‍රමුඛ ප්‍රවේශය ලැබේ. වැඩිදුර විස්තර සඳහා ඔබේ දරුවා ලියාපදිංචි කරන විට ඔබට ප්‍රාදේශීය සේවාවෙන්, Early Start Kindergarten කලින් ආරම්භ කරන ළදරු පාසල් ගැන විමසීම හෝ Early Start Kindergarten වෙත යෑම සිදු කළ හැකිය.

ලියාපදිංචි වන්නේ කෙසේද

වික්ටෝරියාවේ දී දරුවෙකුට අවුරුදු තුන වූ විට ඔබට ඔවුන්ගේ ළදරු පාසල් වැඩසටහන් ආරම්භ කළ හැකිය. ඔබට ඔබේ දරුවාගේ උපන් දිනය ආරම්භක වයස ගණකයට දැමීමෙන් ඔවුන්ට අවුරුදු තුනේ හා අවුරුදු හතරේ ළදරු පාසල් ආරම්භ කළ හැක්කේ කවදාදැයි සොයා ගත හැකිය.

ඔබේ දරුවාගේ උපන් දිනය ජනවාරි 1 හා අප්‍රේල් 30 අතර වේ නම්, ඔවුන් පාසල් යාම ආරම්භ කරන්නේ කුමන වසරේ ද යන්න ඔබ විසින් ගණනය කළ විට ඒ අනුව ඔවුන් ළදරුපාසල් යන්නේ කුමන වසරේ ද යන්න ගණනය කළ හැකිය. ඔබේ දරුවා පාසලට ඇතුළත් වන්නේ ඔවුන්ට අවුරුදු පහ පිරුණු විට ද නැත්නම් හය පිරුණු විට ද යන්න ඔබට තෝරා ගැනීමේ හැකියාව වේ.

ළදරු පාසල් වැඩසටහන් සොයා ගන්න.

අනුමත කරන ලද ළදරු පාසල් සේවා ‌පිරිනමන සේවාවන් සොයා ගැනීමට ළදරු පාසල් වැඩසටහනක් ‌සොයන්න find a kinder program වෙබ් අඩවියට පිවිසෙන්න. (Find A Kinder Program – අධ්‍යාපන හා පුහුණු දෙපාර්තමේන්තුව, වික්ටෝරියාව (educationapps.vic.gov.au)) ළදරු පාසල් වැඩ සටහනක් සොයා ගැනීමට ඔබේ ප්‍රාදේශීය කවුන්සිලයට හා ළදරු පාසල් සේවාවට උපකාර කළ හැකිය.

Kinder Tick තිබේදැයි බලන්න:

Kinder Tick මගින් වික්ටෝරියානු පවුල්වලට සිය දරුවන් සඳහා අනුමත කරන ලද ළදරුපාසල් වැඩසටහන් ‌සොයා ගැනීමට උපකාර කරයි.

ඔබේ ප්‍රාදේශීය ළදරුපාසල් සේවාවේ, සේවාවේ හෝ මධ්‍යස්ථානයේ ගොඩනැගිලිවල හා පරිශ්‍රයේ, ඔවුන්ගේ ‌වෙබ් අඩවියේ හා ‌ඔවුන්ගේ තොරතුරු කට්ටලවල Kinder Tick සළකුණ තිබේ සොයා බලන්න.

Updated