ළදරු පාසල් ගැන (How kinder works) - සිංහල (Sinhalese)

ළදරු පාසල් කින්ඩර්ගාටන් හා මුල් ළමා විය අධ්‍යානය ලෙස ද හැඳින්වෙන ළදරු පාසල් ඔබේ දරුවාගේ සංවර්ධනයේ හා ඉගෙනීමේ වැදගත් කොටසකි. ඔබේ දරුවා අවුරුදු දෙකක් ළදරු පාසලක ලියාපදිංචි කිරීම මගින්, ඔවුන්ට ජීවිතයේ දී මෙන් ම පාසලේ ‌දී වඩාත් හොඳින් කටයුතු කළ හැකි සේ ඔවුන්ගේ නිපුණතා සංවර්ධනය කිරීම සිදු කරයි.

ළදරුපාසල් පැය ගණන:

සෑම සතියක ම අවුරුදු තුනේ ළදරු පාසල් වැඩසටහන් පැය 5 සිට 15 අතර ගණනක් හා අවුරුදු හතරේ ළදරු පාසල් වැඩසටහන් පැය 15ක් පැවැත්වෙනු ඇත.

ඔප්පු කරන ලද ප්‍රතිඵල:

ළදරු පාසල් වැඩසටහන්වලට යන දරුවෝ ගණන් කරන ආකාරය හා ඉලක්කම් හා අකුරු හඳුනාගැනීම මෙන්ම ගැටලු විසඳන ආකාරය වැනි නිපුණතා සංවර්ධනය කර ගැනීමට පටන් ගනිති. දරුවන් ළදරු පාසලේදී සිය ආත්ම විශ්වාසය ගොඩනගා ගනු ඇති අතර, සමාජයීය හා භාවමය නිපුණතා ඉගෙනීම සිදු කරනු ඇත. ඔවුන් සමාජගත වී අලුත් මිතුරන් තනා ගනු ඇත.

පර්යේෂණවලින් පෙන්වා දෙන්නේ සහභාගී වූ අවුරුදු 16 දරුවන් සම්බන්ධයෙන් සැලකූ වීට පාසැල් යෑම ආරම්භ කිරීමට පෙර අවුරුදු දෙකක් හෝ තුනක් ළදරු පාසල් වැඩසටහන්වලට සහභාගී වූ දරුවන් එසේ නොකළ දරුවන්ට සාපේක්ෂව ඉංග්‍රීසි හා ගණිතයට ඉහළ ලකුණු ලබා ගන්නා බවයි.

මාපියන්ට හා ළදරු පාසල්වල අධ්‍යාපනවේදීන්ට එක්ව කටයුතු කළ හැක්කේ කෙසේද:

මාපියන්/රැකවරණ සපයන්නන්, පවුල් හා ගුරුවරුන්ගේ සහයෝගීත්වය ඇති විට ළදරු පාසල් ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වීම සිදුවේ. මාපියකු/රැකවරණ සපයන්නෙකු ලෙස ඔබේ දරුවාගේ සංවර්ධයේ ඉතාම වැදගත් කොටස ඔබයි. ඔවුන්ට හරි වැරදි , ඔබේ භාෂාව, සංස්කෘතිය හා කරුණාව හා ගෞරවය වැනි අගනාකම් කියා දෙන්නේ ඔබයි. ළදරු පාසලේ දී සිදුවන දේ ගැන හා ඔබේ දරුවාට නිවසේ දී ඉගෙනීමට උපකාර වන ආකාරයන් ගැන ගුරුවරුන් විසින් ඔබ සමග කතා කරනු ඇත. ඔවූන්ට ඔබේ දරුවා උනන්දු වන දේ ගැන හා ඔවුන් ඉගෙන ගැනීමට කැමති ආකාරය දැන ගැනීමට අවශ්‍ය වේ.

භාෂණ පරිවර්තකයෙකු සංවිධානය කර දෙන ලෙස ඕනෑම අවස්ථාවක දී ඔබට ළදරු පාසල් ගුරුවරයාගෙන් ඉල්ලා සිටිය හැකිය. මෙය අදාළ ස්ථානයේදී, දුරකථන මගින් හෝ වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදු කළ හැකිය. මෙම සේවාව ලබා ගැනීම සඳහා ඔබ ගෙවීමක් සිදු කළ යුතු නොවේ.

ළදරු පාසලේ දී සිදු වන්නේ කුමක්ද:

ක්‍රීඩාව තුළින් ඉගෙනීමට ගුරුවරුන් විසින් ඔබේ දරුවා දිරිගන්වනු ඇත. මෙම ක්‍රියාකාරකම්වලට ඇඳීම, ගායනය, නැගීම, කැණීම, එළිමහනේ දුවපැනීම, සෙල්ලම් බඩු සමග ක්‍රීඩා කිරීම හා පොත් කියවීම ඇතුළත් විය හැකිය. ක්‍රීඩාව ඔස්සේ බෙදා හදා ගනිමින් හා වාරයන් ගනිමින් අනෙක් අය සමග සහයෝගයෙන් කටයුතු කරමින් පරිකල්පනය භාවිත කිරීමට හා සොයා ගැනීම් සිදු කිරීමට දරුවන් දිරි ගන්වයි. ඉංග්‍රීසි භාෂාව කතා කිරීම හා අවබෝධ කර ගැනීම ඇතුළුව දරුවන් ශබ්ද, වචන හා භාෂාව ගැන ඉගෙනීම සිදු කරනු ඇත.

ළදරු පාසල් අපගේ බහු සංස්කෘතික ප්‍රජාවෙහි කොටසක් වේ.

සියලු පසුබිම්වල මාපියන්ට ඔවුන්ගේ ප්‍රජාවන් හි කොටසක් වීමට ළදරු පාසල් වැඩසටහන් මගින් ‌ආරාධනා කරයි. ළදරු පාසල්, මාපියන්ට හමුවී කතන්දර බෙදා ගැනීමට හා එකිනෙකාගෙන් ඉගෙන ගත හැකි ස්ථානයක් සේ පවතියි.

ගුරුවරුන්ට ඔබේ දරුවා ගැන හා ඔබේ සංස්කෘතිය ගැන දැනගැනීමට අවශ්‍ය වනු ඇත. වික්ටෝරියාවේ විවිධත්වය සමරන්නා වූ සංස්කෘතික දින හා අවස්ථා පාදක කරගෙන ක්‍රියාකාරකම් ඇතුළත් කරමින් ඔබේ දරුවාට වඩාත් අර්ථවත් වන වැඩසටහන් සකස් කිරීමට මෙමගින් ඔවුන්ට උපකාර කරයි.

ගුරුවරුන් විසින් සියලු දෙනා ක්‍රියාකාරකම්වලට ඇතුළත් කර ගන්නා නිසා ඉංග්‍රීසි කතා නොකරන දරුවන්ට ද අනෙක් අයට මෙන් ම ක්‍රීඩා කිරීමේ හා ඉගෙනීමේ අවස්ථාව ලැබේ. සමහර ළදරු පාසල් වැඩසටහන්වල කිසිසේත්ම ඉංග්‍රීසි කතා නොකරන හෝ සුළු වශයෙන් කතා කරන දරුවන්ට උපකාර කිරීමට ද්විභාෂික අධ්‍යාපනවේදීහු සිටිති. දරුවන්ට අනෙක් අය සමග එක්ව කටයුතු කිරීමට, අනෙක් අය පිළිගැනීමට හා සංස්කෘතික වෙනස්කම්වලට ගරු කිරීමට ද උගන්වනු ලැබේ.

ළදරු පාසල් වැඩසටහන් වර්ග

දරුවන්ට දීර්ඝ දිවාරැකවරණ (චයිල්ඩ් කෙයා ලෙස ද හැඳින්වෙන) මධ්‍යස්ථානයක ‌හෝ ස්වාධීන සේවාවක පැවැත්වෙන (සෙෂනල් ලෙස ද හැඳින්වෙන) අවුරුදු තුනේ ළදරු පාසල් වැඩසටහන්වලට සහභාගී විය හැකිය. සාමාන්‍යයෙන් මෙම සේවාවලින් අවුරුදු හතරේ ළදරු පාසල් වැඩසටහන් ද ලබා දෙයි.

දීර්ඝ දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට ළදරු පාසල් වැඩ සටහනක් ඇතුළුව පූර්ණ අධ්‍යාපනය සහ රැකවරණය ලබා දිය හැකිය. ගුරුවරිය විසින් මෙහෙයවන ළදරු පාසල් වැඩසටහනක් අමතර පැය ගණනක අධ්‍යාපනය සහ රැකවරණය සමඟ ඒකාබද්ධව පැවතිය හැකිය.

ස්වාධීන සේවාවක දී ළදරු පාසල් වැඩසටහන් ක්‍රියාත්මක වන්නේ යම් යම් දිනවල දී හා විශේෂිත වේලාවන් හි දී පමණි. ස්වාධීන ‌සේවා සාමාන්‍යයෙන් පාසල් වාර තුළ වසරකට සති 40ක් ක්‍රියාත්මක වන අතර පාසල් නිවාඩු කාලවලදී සේම නිවාඩු පවතියි. මෙම දින හා වේලාවන් ළදරු පාසල් සේවාව විසින් නියම කරනු ලැබේ.

Updated